13. මයින්

2.5K 489 100
                                    

"නන් ජුවායේ...."

කෙල්ලන්ගෙ කටින් එකපාරටම ඇහුනු ඒ අකුරුප පහ.... එකම එක මෘදු වචනය නිසා කොල්ලගෙ හදවත පිස්සුවෙන් වගේ ගැහෙන්න ගත්තා.

ඒ එයාට වැඩියෙන්ම අහන්න ඕන උන වචන ටික....

ඒත් පොඩි හේතුවක් නිසා ජන්කූක් හිතන් හිටියෙ කෙල්ල කැමති වෙන කෙනෙකුට.... කලින් එයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්න ඇති කියලා...එයා ළග හිටියත් කෙල්ලගෙ හිත ගොඩක් දුරක තිබුණා වගෙයි කොල්ලට දැනුනෙ.

ඒ නිසා කොල්ලට එයාගෙ හැගීම් කොච්චර ජෙනීට කියන්න ඕන උනත් හැමදාම ඒ උණුසුමට ගුලි වෙලා ඉන්න ඕන උනත් ඒ රතු පාට දෙතොල් එක පාරක් හරි  සිපගන්න ඕන උනත් ඒ හැම මොහොතකදිම කොල්ලා අමාරුවෙන් එයාව කන්ට්‍රෝල් කරගත්තා. මේ දේ වැරදී කියලා තමන්ට කියාගත්තා.... ඒත් දැන් එයාගෙ හැම දුකක්ම සැකයක්ම නැතිවෙලා....

කොල්ලට හිතාගන්න බෑ.... මං මේ දකින්නේ හීනයක්ද?

"ඒක.... ආයෙත් කියන්න පුළුවන් ද?"

ජන්කූක් ඇහුවෙ කෙල්ලගෙ මූණ අත් දෙක අතරට මැදි කරගන්න ගමන්. එයාගෙ හදවත කවදාවත් නැති තරම් වේගෙන් ගැහුනෙ කෙල්ල ඊගාවට මොනව කියයිද කියලා....

"සරන්හේ ජන්කූක් ෂී....." කෙල්ල කිව්වේ ලස්සන හිනාවකුත් එක්ක එයාගෙ ඇස් වලිනුත් හිනාවෙමින්...

ජන්කූක්ට දැනුනෙ මොහොතකට එයාගෙ හදවතට ගැහෙන එක නතර උනා වගේ.

කොච්චර හිනා උනත් තාමත් කදුළු පිරිලා තිබුණු ඒ ඇස් දෙකත් එක්ක රෝස පාටට හැරිලා තිබුණු කම්මුල්.... රතු පාට පොපියන දෙතොල්.... ජන්කූක්ට තවත් ඉවසන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.

"මියානේ.... මං දන්නවා ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා... මං කරන්නෙ වැරැද්දක්.... මං...."

ඒත් කෙල්ල ඉතුරු ටික කියලා ඉවර වෙන්නත් කලින් ජන්කූක් ගොඩක් මෘදුව එයාගෙ තොල් වලින් කෙල්ලගෙ දෙතොල් සිපගන්න පටන් ගත්තා.

එයාගෙ හදවත වගේම හුස්ම ගන්න වේගෙත් ටික ටික වැඩිවෙන හැටි කොල්ලට දැනුනා.

එක පාරටම උනු දෙයින් කෙල්ල කලබල උනා. එයා අත් දෙකෙන් තද කරලා කොල්ලගෙ ෂර්ට් එකෙන් අල්ලගන හැටි ජන්කූක්ට දැනුනා.

Ghost Girl || CompletedWhere stories live. Discover now