11. රෝස කොපුල්

2.4K 498 26
                                    

එහෙනම් ඉදිරියටත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි චියර් කරමු.

ජන්කූක්ගෙ තාත්තා ෂැම්පේන් වීදුරුවත් උඩට උස්සන ගමන් චියර් කරා.

"චියර්ස්...." ඊටපස්සේ ෂැම්පේන් වීදුරු එකට වදින සද්දෙත් එක්ක හැමෝම සමාගමේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සුභ පැතුවා.

මෙම්බර්ස්ලා විසිරිලා ගිහින් ටික වෙලාවකට පස්සේ ජන්කූක්ගෙ තාත්තා එතන ඉතුරු වෙලා හිටපු මිස්ටර් චෝයි දිහාට හැරුනා.

"අද ඔබතුමා ආපු එක මට සතුටක්."

"මටත් ඔයාලා වගේ සමාගමක් එක්ක ගනුදෙනු කරන්න ලැබුණු එක ලොකු සතුටක්."

"ආ මේ ඉන්නේ මගෙ පුතා ජොන් ජන්කූක්." මිස්ටර් ජොන් එයාගෙ පුතාව මිනිස්ටර්ට හදුන්වා දුන්නා.

"ඔබතුමා හමුවීම සතුටක්" එහෙම කියන ගමන් ජන්කූක් ඔලුව නමලා ආචාර කරා.

"ආ ඔයාලට වෙලාව තියෙනවනම් අපිට පුළුවන් ෂොපින් මෝල් එකෙයි සී සයිඩ් ලොන්ජ් එකෙයි ටිකක් ඇවිදලා බලන්න." අලුත් ශෙයාහෝල්ඩර් කිව්වේ මද හිනාවකුත් එක්ක.

"ආ හරි අපි යමු." ජන්කූක් ඔයා ජිමින් එක්ක මෙතන ඉතුරු වැඩ ටික බලන්න.

එහෙම කියන ගමන් මිස්ටර් ජොන් මිනිස්ටර් එක්ක ෂොපින් මෝල් එක පැත්තට ඇවිදන් ගියා.

___________________

"මැඩම් ඔයා ඔය මොකක්ද කරන්න හදන්නේ?" මාක් ඇහුවෙ ජෙනී ගාවට ඇවිදන් යන ජෙසී දිහා බලාගෙන.

"මට දැනගන්න ඕන මෙයාට දැන් කොච්චර දේවල් මතකද කියලා"

තද දුඹුරු පාට සන්ග්ලාස් දෙක ආපහු දාගන්න ගමන් ජෙසී ඒ පැත්තට ඇවිදන් ගියා.

එයා ජෙනීට ළං වෙනවත් එක්කම එකපාරටම එයාගෙ කකුල් නැවතුනෙ කෙලින් හිටවපු රිටක් වගේ.

"අප්පා! අප්පා මොනවද මෙහෙ කරන්නේ?"

කළු කෝට් ඇදගත්තු තව මිනිස්සු කීප දෙනෙකුත් එක්ක එයා හිටපු පැත්තට ඇවිදන් එන මිස්ටර් චෝයි දිහා තර්ඩ් ෆ්ලෝ එකේ ඉදන් ජෙසී බලාගෙන හිටියෙ ගල් ගැහිලා වගේ.

"ආෂ් අප්පත් මේ වෙලාවෙ මෙහාටම ඇවිත්නෙ. එයා මෙහාට වෙලා මොනව කරනවද මන්දා."

Ghost Girl || CompletedWhere stories live. Discover now