7. මැජික් පාක්

2.4K 492 25
                                    


කට්ටියම පිස්සො ටිකක් වගේ පාක් එක පුරාම දුවන්න පටන් ගත්තා.

"යා ටේ මූණ වැහෙන්න ඔය කැප් එක දාගන්නවා. නැත්තම් මෙතන මිනිස්සු පිරෙන්න ගත්තම මුකුත් කරන්න වෙන්නෑ." ජින් කෑගහන්න ගත්තා.

ටේ මොඩ්ල් කෙනෙක් වගේම ඇක්ටර් කෙනෙක් නිසා එයා ගොඩක් ප්‍රසිද්ධයි. ඉතිං එයත් එක්ක යනකොට පොඩි රිස්ක් එකක් ගන්න කට්ටියට සිද්ධ උනා.

"ජෙනී, ඔයා මාව දන්නැද්ද?" ටේ ඇහුවෙ ජන්කූක් පිටිපස්සටම වෙලා හිටපු කෙල්ලගෙන්.

"නෑ" කෙල්ල ගත් කටටම කිව්වා.

"වට් ඔයා කොරියන් නෙමේද?" ටේ ඇහුවෙ ගොඩක් පුදුමෙන්.

"ඇයි කොරියාවෙ ඉන්න හැමෝම උබව දැනගෙන ඉන්න ඕනෙද?" ජන්කූක් ඉක්මනටම ටේගෙ ප්‍රශ්නෙ කපා හැරියා.

"අනී ඒ උනත්.." ටේ කටත් උල් කරන් ගිහින් සුගාගෙ ඇගේ එල්ලුනා.

"යා අයින් වෙනවකෝ..." ටේගෙ අතගසා දාන ගමන් සුගා කෑගහන්න පටන් ගත්තා.

මේ විකාර ඉතිං පුරුදු නිසා කට්ටිය හිනා වෙවී ඉස්සරහට ඇවිදන් ගියා.

"කෝ ටේ?" එකපාරටම ජින් ඇහුවෙ මෙච්චර වෙලා තිබුණු කරච්චලේ නැතුව ගිය හින්දා.
.
.

"විනාසයි." නාම්ජුන් කිව්වේ ඔලුවෙ අතගහගන්න ගමන්.

ටේ පාක් එක මැද්දෙ භාවනා කරන්න වගේ එතනම බිම ඉදගෙන. වටේ ඉන්න මිනිස්සුත් බල බලා යනවා.

හොබී - "අර පිස්සා මොකද අර කරන්නේ?"

"හියුන් ඔයාලට මාව එපානෙ. ඔයාල යන්න මං එන්නෑ." ටේ කෑගහලා කිව්වා.

"ෂිට් ආයෙ නම් මූ එක්ක කොහෙවත් යන්නෑ." නාම්ජූන් කිව්වේ ඔලුවත් දෙපැත්තට වනන ගමන්.

අහිංසක ජෙනීට විතරක් ටේගෙ මේ නාට්‍යයට දුක හිතුනා.

එයා හිමීට ටේහියුන් ගාවට ඇවිදගෙන ගිහින් ටේට එයාගේ අත දිගු කරා.

"අපි යමු."

කෙල්ල එහෙම කියන කොට අම්මා දැකපු පොඩි එකෙක් වගේ ටේගෙ මූණට ලොකු හිනාවක් ආවා. එයා කෙල්ලගෙ අතින් අල්ලන් නැගිට්ටෙ ඒ හිනාවත් එක්කමයි.

Ghost Girl || CompletedWhere stories live. Discover now