ඇයි මට මතක් වෙන්නැත්තෙ මං කවුද කියලා?
මේ ප්‍රශ්නෙ කෙල්ලගෙ ඔලුවට හොදටම වද දෙනවා.
පළවෙනි වතාවට නෙමෙයි. එයා මෙන්ටල් හොස්පිට්ල් එකේ පාළු කෑමරේක තනිවෙලා ඉන්න හැමවෙලේම එයාට වද දුන්නු ලොකුම ප්‍රශ්නෙ තමයි මේ. ඒත් එයා කොච්චර උත්සාහ කරත් පොඩි පොඩි දේවල් කීපයක් ඇරෙන්න වෙන කිසි දෙයක් එයාට මතක් වෙන්නෑ.
මං කවුද? මං කොහෙන්ද ආවේ? ආෂ් මට මේවට උත්තර තිබ්බනම්. ඒත් හැමදාම වගේ අදත් එයාගෙ මතකෙ හිස්.
මට හීනෙන් පේන දේවල් ඇත්තද? ඇත්තටම එහෙම දෙයක් උනාද?
කෙල්ල සෙකන්ඩ් ෆ්ලෝ එකේ තිබුණු බැල්කනි එකෙන් පහළ බලන් තනියම කල්පනා කරනවා.
එතකොටම සුදු පාට පාර්සලයක් කෙල්ල ඉස්සරහින් මතු උනා.
"මේ මොනවද මේ?" කෙල්ල ඇහුවෙ ඇගමැලි කඩමින් ඇවිත් එයාට එහාපැත්තෙන් හිටගත්තු ජන්කූක්ගෙන්.
"ඇදුම්"
"අලුත් ඇදුම්?" කෙල්ල කවරෙට එබීගෙන කෑගැහුවෙ පොඩි එකෙක් වගේ.
"ඔච්චර සතුටුද?" ජන්කූක් ඇහුවෙ පොඩි හිනාවකුත් එක්ක.
"නැත්තම්. ඔයාගෙ මේ කළු පාට ටී ෂර්ට් එකයි කලිසමයි ඇදන් ඉදලා මට එපාවෙලා."
"යා... දන්නවද ඔය මං ආසම ටී ෂර්ට් එක."
"මට නම් වෙනසක් නෑ ඔක්කොම කලු පාටයිනෙ"
"හරි හරි මට කියනවා දැන් ඔයා කවද වෙනකම් මෙහෙ ඉන්නවද?"
"අර කෑම ටික ඉවර වෙනකම්"
"මොකක්ද?"
"ආ මං කිව්වේ තාත්තව හොයාගන්නකම්"
"හරි මං ඔයාට උදව් කරන්නම්. මට කියන්න එයා මොන වගේ ද? ඔයා මොනවද එයා ගැන දන්න තොරතුරු?"
"තොරතුරු...? එයා තමයි මාව හොස්පිට්ල් එකට බාරදුන්නෙ."
"වෙන?"
"වෙන..... වෙන... දේවල් මට මතක නෑනේ." කෙල්ල හිමීට කිව්වේ ඇස් දෙකත් බිමට බර කරන්.
"වට්? අඩුගානේ නමක් ගමක් තියා හැඩරුවක්වත් මතක නැති මනුස්සයෙක්ව කොහොමද හොයන්නේ?"
YOU ARE READING
Ghost Girl || Completed
Fanfictionමහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊