27. අවසානය (Last Chapter)

3K 612 345
                                    

දැන් ඒ භූමියේ ඉතුරු වෙලා හිටියේ ජන්කූකුයි, ජෙනීයි විතරයි.... අවසන් කටයුතු ඉවර වෙලා සේරම විසිරිලා ගියාට පස්සෙත් ජෙනීට නම් තාමත් එතනින් යන්න අදහසක්වත් නෑ වගේ.... එයා එයාගෙ පවුලේ අයව මිහිදන් කරලා තිබුනු තැනට වෙලා දන ගහගෙන තාමත් ඔහේ බලාගෙන ඉන්නවා....

"ජෙනී අපි දැන් යමු...." අන්තිමට ජන්කූක් කිව්වෙ කෙල්ල ඉස්සරහින් ඉදගෙන එයාව එතනින් නැගිට්ටවන්න උත්සහ කරන ගමන්

"ෂිරෝ... මට එන්න බෑ...."

"ජෙනී... අපි ආයෙමත් එමු ඔම්මලව බලන්න ම්.... දැන් අපි යමු...."

"අනී.... මාව අතාරින්න.... මට එයාලත් එක්ක ඉන්න ඕන...."

"මං ආයෙමත් ඔයාව එක්කන් එන්නම් ප්‍රොමිස්"

"අන්ද්වේ...."

ජන්කූක් කොච්චර උත්සහ කරත් ජෙනීව එතනින් අරන් යන එක නම් ජන්කූක්ට ලේසි උනේ නෑ

"ප්ලීස් ජෙනී.... කෝ එන්න...." එහෙම කියන ගමන් ජන්කූක් ජෙනීගෙ බද වට්ටෙ අත දාලා එයත් එක්කම නැගිට්ටා

ඒත් ජෙනී ගොඩක් දුර්වලයි.... එයා ජන්කූක්ගෙ ඇගට බර උනේ හොදටම හෙම්බත් වෙලා

ජෙනී එහෙම්මම ජන්කූක්ට තුරුළු වෙලා ආයෙමත් හොදටම අඩන්න පටන් ගත්තා.... ජන්කූක් බය උනේ මේ විදියට ගියොත් ජෙනීව අසනීප වෙයි කියලා.... ඒත් එයාව සනසනවා ඇරෙන්න ජන්කූක්ට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ

එයා ජෙනීව පපුවට තුරුලු කරගෙන හෙමින් හෙමින් කෙල්ලගෙ ඔලුව අතගෑවා....

ජෙනීට දැන් එයාගෙ කෙනෙකුට කියලා මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්නේ එයා විතරයි නේද කියල ජන්කූක්ට හිතුනා.... වෙනදට වැඩිය ජෙනී ගැන ආදරයක් වගකීම් සහගත බවක් ජන්කූක්ට දැනුනා.... ඒ වගේම එයාලගෙ දුවව හැමදාම සතුටින් තියනවා එයාව ආදරෙන් බලාගන්නවා කියලා ජන්කූක් ඒ වෙලාවේ ජෙනීගෙ ඔම්මට අප්පට පොරොන්දු උනා

__________________

"මේ මරනය සිද්ධ උන දවසෙ රෑ ඩොක්ට එරික් ජෙසීව ෆලෝ කරලා තියෙනවා.... එතකොට එයා දකින්න ඇති ජෙසීට වෙන්න ගිය දේ.... ඒ නිසා එයා ජෙසීව බේරගන්න කා එක හරස් කරනවා.... ඒත් අවාසනාවකට ඒකෙන් දෙන්නගෙම ජීවිතේ නැති වෙනවා.... කාර් දෙකම හෙලට පෙරලෙනවා.... හරියට ජෙසී කැමැත්තෙන් එයාගෙ කා එක හෙල පැත්තට ඩ්‍රයිව් කරා වගේ..."

Ghost Girl || CompletedWhere stories live. Discover now