8. නපුරු හීන

2.4K 510 13
                                    

උදේ පාන්දරම ඩෝ බෙල් එක වදිනවා වදිනවා ඉවරයක් නෑ. ඒත් ජන්කූක්ට නම් ඒක ගානක්වත් නෑ. ඊයෙ එද්දිත් ගොඩක් රෑ වෙලා නිසා කොල්ලා හොදටම නිදි.

ඒත් ජෙනීට නම් තවත් මේ සද්දෙ අහන් ඉන්න බැරිඋනා. එයා ඇස් දෙකත් පියාගෙනම ගිහින් දොර ඇරියෙ ලොකු ඈනුමකුත් අරින ගමන්.

බුදාම්මෝ කවුද බොලේ මේ අක්කා. ගර්ල් ගෲප් එකක මෙම්බර් කෙනෙක් වගේ. දොර ගාව හිටගෙන ඉන්න කෙනා දැක්කාම ජෙනීගෙ නිදිමතත් නිකම්ම අතුරුදහන් වෙලා ගියා.

කොටම කොට කළුපාට ටයිට් ස්කර්ට් එකක් ඇදලා අඩි පහ හයක් උස හීල්ස් දෙකකුත් දාලා සුදු පාට බ්ලවුස් එක උඩින් රතු පාට බ්ලේසර් එකකුත් දාපු ලස්සන උන්නි කෙනෙක් දොර ගාව හිටගෙන ඉන්නවා. එයාගෙ ලයිට් බ්ලොන්ඩේ කලර් වේවි කොන්ඩෙ ගිනි දළු වගේ පහළට කඩා හැලෙනවා. ජෙනී ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියෙ දෙපතුලේ සිට හිස මුදුන දක්වාම එයාව නිරීක්ෂණය කරන ගමන්.

"අ... මිස්ටර් ජොන් ඉන්නවද?" එයා ගාවින් ආවේ මිහිරි සෙන්ට් සුවදක්.

"එක්ස්කියුස් මී... මිස්ටර් ජොන් ඉන්නවද?" වාව් එයාගෙ කතාවත් එයා වගේම ලස්සනයි.

"එක්ස්කියුස් මී....ඔයාට ඇහෙනවද?" මෙයානම් මොඩ්ල් කෙනෙක් වෙන්නැති නැත්නම්...

"ඕ ගුඩ් මෝනිං සොයොන්..."

"ආ සමාවෙන්න සර් උදේම කරදර කළාට. ඒත් සර් මේක ඉක්මනටම ඕනෙ කියපු නිසයි මං මේක අරං ආවේ."

"ඕ තෑන්ක්ස්" මට විනාඩියක් දෙන්න මං මේක සයින් කරන් එන්නම්.

"ඕකේ සර්"

ඊටපස්සේ ජන්කූක් ඇතුළට ගියා. ජෙනී නම් තාමත් කප් කේක් එකක් දැකපු පොඩි එකෙක් වගේ සොයොන් දිහාම බලං ඉන්නවා.

"ම්... ඔයා කවුද?" ජන්කූක්ගෙ සෙකට්‍රි ඇහුවෙ කෙල්ල දිහාට හැරෙන ගමන්.

"මම? ආ මම ජෙනී." කෙල්ල කිව්වේ ජන්කූක් ඊයෙ කියපු බොරු නම මතක් වෙලා.

"අ රිලේෂන්?"

"ම් නෝ"

"ආ ඔයා ඔය ඇදුම් ගත්තෙ කොහෙන්ද?"

"වට්?"

"ඔයාට පේනවනෙ මං ඇදන් ඉන්න ඒවගෙ හැටි." කෙල්ල කිව්වේ මූණත් බෙරි කරන්. "මටත් ඕනෙ ඔය වගේ සායකුයි උස... හීල්ස් දෙකකුයි."

Ghost Girl || CompletedWhere stories live. Discover now