19. ලේ බැදීම්

1.9K 458 55
                                    

"ඒ පාර මේ කොහොටද ඇවිත් තියෙන්නේ? පෙන්ත්හවුස්ද?"

කිසි දෙයක් හිතාගන්න බැරුව ජිමින් ඇහුවෙ එයාගෙ බෙල්ල වීදුරුවෙන් එළියට දාලා ඒ දිහා බලන ගමන්

"නෑ මේ තමයි ජෙනීගෙ ගෙදර"

"වට්? එතකොට උබේ හවුස්කීපර් ජීවත් වෙන්නෙත් මන්දිරේකද?"

ආෂ් අපරාදෙ මං මේ පිස්සව එක්ක ආවෙ

එහෙම හිතන ගමන් ජන්කූක් කා එකෙන් බැහැලා ඒ විශාල ගේට්ටුව පැත්තට ඇවිදන් ගියා....
.
.
.

පරිසරයේම තිබුනෙ ලොකු නිහඩ බවක්...

විදුලි බුබුළු වලින් ආලෝකමත් වෙලා තිබුනු ඒ විශාල මන්දිරේ ඈතින් පේන ජනෙල් කවුළු දිහා ජන්කූක් ටිකක් වෙලා බලන් හිටියා.... එයාට දැනුනෙ ජෙනීව මන්දිරේක හිරකරගෙන ඉන්නවා වගේ හැඟීමක්....

ඒ හැගීමත් එක්ක ජන්කූක්ට ජෙනීව දකින්න තියෙන උවමනාව තව තවත් වැඩි උනා.... කොල්ලා නොඉවසිල්ලෙන් වටපිට බැලුවේ ඇතුළට යන්න ක්‍රමයක්

"කුකී දැන් වෙලාව රෑ එකොළහත් පහුවෙලා.... මට දැන්වත් කියපං උබ මොකක්ද මේ කරන්න හදන්නේ කියලා..." ජිමින් ඇහුවෙ ජන්කූක් ගාවට ඇවිදන් එන ගමන්

"හියුන් ඔයා ඔහොම ඉන්න.... මං ගිහින් මිස්ටර් චෝයිව හම්බෙලා එන්නම්.... ජෙනී ඉන්න තැන මෙයාලා අනිවාර්යෙන්ම දන්නවා"

"මොකක්? කවුද? අනික උබ කොහොමද දන්නේ මේක ජෙනීගෙ ගෙදර කියලා?"

"මොකද එයා මිනිස්ටර් චෝයි දල්ගොන්ගෙ දුව නිසා. මේ තියෙන්නේ එයාගෙ ගෙදර"

"උබ කියන්නේ අපේ කම්පැනි එකත් එක්ක අලුතින් පාට්නර්ෂිප් එකක් සයින් කරපු මිනිස්ටර් චෝයි ගැනද?"

"ඔව්..."

"එතකොට ජෙනී කියන්නේ එයාගෙ දුවද?

"ඔව්..."

"උබ කලින් ඉදන්ම මේ දේවල් දැනගෙන හිටියද?

"නෑ..."

"ඉතිං උබ කොහොමද...."

"හියුන් මං ඕවට පස්සෙ උත්තර දෙන්නම්... දැන් ජෙනීව හොයාගෙන ඉමු"

"ඒ උනත්...."

"හරි මං ගිහින් එනකම් උබ ඔතන්ටම වෙලා ඔය විදියට කියව කියව හිටපං...."

Ghost Girl || CompletedWhere stories live. Discover now