17. අදුරු මතක

2.2K 480 63
                                    


Before 2 days ago....

"හියුන් ප්ලීස්! මට තවත් මේක හංගන්න එපා... කියන්න කවුද මේක කරේ... කවුද උන්....?" අද ජන්කූක් කෑගැහුවෙ සුගාගෙ කොලර් එකෙන් ඇදලා අල්ලන්.

"ජන්කූක් උබ දැන් ඉන්නේ හොද සිහියෙන් නෙමේ... කොහොමද උබ ඔය විදියට මෙච්චර දුරක් ඩ්‍රයිව් කරන් ආවේ...ආ...?"

"හරි උන් කවුද කියලා ඔයාට කියන්න බැයි නම් මංම මේක හොයාගන්නම්"

"උන් කවුරු උනත් උන් මේ කරපු දේට සමාවක් නෑ..."

"කුකී අහන්නකෝ...."

"නෑ හියුන් මං මේක තවත් ඉවසන්නෑ... උන් කවුද කියලා ඔයාට කියන්න බැරි නම් මං මේක හොයාගන්නම්...."

"කුකී ප්ලීස්, මම දන්නවා ඔයා ගොඩක් තරහෙන් ඉන්නේ. ඒත් මේ කේස් එක ඔයාට පේනවට ගොඩක් ගැඹුරුයි.... අන්ඩවර්ල්ඩ් එකේ අයත් මේකට සම්බන්ධයි. එදා ජෙනීට වෙඩි තිබ්බෙත් උන්..."

"වට්?"

"ජන්කූක් අහන්න මේකෙදි ඔයාට තනියම ෆයිට් කරන්න බෑ... සෝ මට ටික කාලයක් දෙන්න. මම පොරොන්දු වෙනවා අනිවාරෙන්ම උන්ව....."

"ඇති හියුන් ඇති මං මාසයක්ම බලන් හිටියා. ඒත් මොනවද ඔයාලා කරේ... උන්ව අතටම අහු වෙලත් ඔයාලට කිසි දෙයක් කරගන්න බැරි උනා..."

"ජෙනී.... එයා... එයා තාමත් ඇස් අරින්නෑ... උන් කොහොමද එයාට එහෙම කරේ... හියුන්, එයා කිසි වැරැද්දක් කරලා නෑ... මටත් එයාව ආරක්ෂා කරගන්න බැරි උනා... මං... මං ඉස්සරහමයි එයාට එහෙම උනේ.... මං ඉස්සරහමයි එයාට වෙඩි වැදුනෙ..." ජන්කූක් අන්තිම ටික කිව්වේ බිදුණු කටහඩින්. කොල්ලගෙ රතුඋනු ඇස් වලින් ආයෙමත් කදුළු ගලනවා.

යූන්ගි ගිහින් බලෙන්ම වගේ ජන්කූක්ව වැළදගත්තා.

"දැන් ඔය ඇති ජන්කූක්. මට තවත් සුහෝ කෙනෙක්ව නැති කරගන්න බෑ.... ප්ලීස් උබ මේකට මැදිහත් වෙන්න එපා."

________________

ජෙනී ඉක්මනටම නැගිටියි කියලා ඊයෙ ඩොක්ටර් කියපු නිසා ගොඩකාලෙකට පස්සෙ ජන්කූක් අද හිටියෙ සතුටින්... එයා තනියමත් හිනාවෙනවා....

මේ ගෙවුනු මාසෙ පුරාම එයා වැඩිපුරම හිටියෙ ජෙනී ළගට වෙලා. කොහොමත් ජෙනී නැතුව ගෙදර ඉන්නකොට කොල්ලට දැනුනෙ පිස්සු වගේ.... කෙල්ලගෙ හිනාවෙන් කතාවෙන් පිරිලා තිබුණු ගේම දැන් ගොඩක් අදුරු වෙලා වගෙයි එයාට දැනුනෙ...

Ghost Girl || CompletedWhere stories live. Discover now