10. මිනා

2.4K 490 77
                                    

"අපි මේ කොහෙද යන්නේ? ලස්සන පැත්තකටද? එහාට ගොඩක් දුරද? එහෙ මොනවද තියෙන්නේ?"

එයාලා බුසාන්වලට යන්න පටන් ගත්ත වෙලේ ඉදන් කෙල්ලගෙ කටට බ්‍රේක් නෑ. ගිරවෙක් වගේ කියවනවා. යන්න කොහෙදවත් කියලා දන්නැති උනාට එයා හිටියෙ ගොඩක් සතුටින්.

"යා ඔය කට ටිකක් වහගන්නවකො. මහන්සි නැද්ද ආ?" ජන්කූක් කිව්වේ කෙල්ලගෙ කට අතින් වහන ගමන්.

"මං...ඔයබමවක..." කෙල්ල තවත් කියවනවා.

"බුකු බුකු?" ජන්කූක් ඇහුවෙ හිනාවෙන ගමන්.

"යා..." කෙල්ල ජන්කූක්ගෙ අත අයින් කරන ගමන් කෑගැහුවා.

"හරි හරි කියන්න බැයි නම් කමක් නෑ. මාත් එක්ක කතා කරන්න ඕන්නෑ."

එහෙම කියන ගමන් එයා ජනෙල් කවුලුව පාත් කරලා ඒක උඩින් ඔලුව තියාගත්තා. එයා ඇස් දෙකත් පියාගෙන ලොකු හුස්මක් අරගත්තෙ අවටින් හමන සුළග විදින ගමන්.

ඊටපස්සේ එයා වටපිටේ තියෙන ගස් කොළන්, මිනිස්සු, කඩ සාප්පු, විශාල බිල්ඩින්ස් දිහා බල බල ගියේ ලොකු උවමනාවකින්. එයා මේ විදියට ඒ දේවල් දකින්නෙ ගොඩ කාලෙකට පස්සෙ. ඉතිං එයාට දැනුනෙ ලොකු සැහැල්ලුවක්.

"අහ්හ්ම්ම්" ජන්කූක් උගුර පාදන ගමන් ආයෙම කෙල්ල එක්ක කතා කරන්නයි හැදුවේ. හැබැයි දැන් නම් එයාට ජන්කූක් ඉන්නවදවත් මතක නෑ වගේ.

"ආ... අපි යන්නෙ බුසාන්වලට"

කෙල්ල නිශ්ශබ්දයි.

"දන්නවද ඒ පැත්ත ගොඩක් ලස්සනයි. ගොඩක් කදුත් තියෙනවා. එහෙ මුහුදත් හරිම ලස්සනයි."

ඒත් කෙල්ලට නම් ජන්කූක් කියන ඒවා ඇහෙන්නෑ වගේ.

"යා...මොනවා දිහාද වශී වෙලා වගේ ඔච්චර බලන් ඉන්නෙ?" බැරිම තැන ජන්කූක් ඇහුවෙ හයියෙන් කෑ ගහන ගමන්.

"ආෂ් කෑගහන්නැතුව ඉන්නකෝ. මොන වදයක්ද මන්දා." කෙල්ල අන්තිම ටික කිව්වේ කුනු කුනු ගගා.

"මො... මොකක්ද? වදයක්? මම? වා... අපරාදෙ මං මෙයාව එක්ක ආවේ."

"ආ අනී මං කිව්වේ මේ හුළග ගැන. කොන්ඩෙත් අවුල් වෙනවා." එහෙම කියන ගමන් කෙල්ල හිමීට ෂටර් එක වහලා දැම්මා.
.
.
.
"ඔප්පා...."

Ghost Girl || CompletedWhere stories live. Discover now