25. බොදවුන රතු එළි

2.1K 460 56
                                    

"සෝආ මේ ටික ජෙසීගෙ රූම් එකට යවන්න..."

"හරි මැඩම්..."

ඊටපස්සේ මිසිස් චෝයි එයාගෙ වැඩේ ඉවර කරලා රූම් එකට ගියේ ජෙනීව බලන්න යන්න ලෑස්ති වෙන්න

ඒත් කාමරේට යනකොටම එයා දැක්කෙ එයාගෙ අල්මාරියෙ තිබුනු බඩු එහෙ මෙහෙ ඇදලා දාලා තියෙන හැටි....

මොනවා... එයා කලබලෙන් එතනට දුවගෙන ගියා

එතකොටයි එයා දැක්කෙ එතන තිබුන ඩ්‍රෙසර් එක පාමුල වාඩිවෙලා හිටපු ජෙසීව....

"දුව... ඔයා මොනවද මෙතන කරන්නේ?"

ඒත් ජෙසී ඔලුව උස්සලා බලන්නවත් කරදර උනේ නෑ.... එයා හිස් බැල්මෙන් ඔහේ ඉස්සරහ බලාගෙන හිටියා

"ජෙසී මොනවද ඔයා...."

ඒත් එතකොටයි මිසිස් චෝයි දැක්කෙ ජෙසී ඇදලා දාලා තිබුනු එයාගෙ දින පොත්...

ඒ පොතකින් කැඩුන එක පිටුවක් ජෙසීගෙ අතේ තදින් ගුලි වෙලා තියෙන හැටිත් එයාට පේනවා

මිසිස් චෝයි මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව එකපාරම ගොලු උනේ ලොකු බයක් එයාගෙ හිත පුරාම ගලන් යද්දි

"ජෙසී...." එහෙම කියන ගමන් මිසිස් චෝයි ජෙසී ඉස්සරහින් වාඩි උනා.... එයාගෙ කට හඩත් වෙවුලනවා

එතකොට ජෙසී හිමීට ඔලුව උස්සලා මිසිස් චෝයි දිහා බැලුවා

.
.
.

"අම්මා... මේවගෙ තියන දේවල් ඇත්තද? ජෙසී ඇහුවෙ බිදුණු කට හඩින්

"ජෙ... ජෙසී ඔයා මොනව ගැනද අහන්නේ?"

"ඔයා හොදටම දන්නවා මං මොනව ගැනද අහන්නේ කියලා...."

"ජෙසී අහන්න දරුවෝ..." එහෙම කියන ගමන් එයා ජෙසීගෙ අත් වලින් අල්ලගත්තා

"මට කියන්න අපි හදාගන්න ගත්තු ළමයිද?"

"ජෙසී මොනවද ඔයා මේ අහන්නේ?"

"එතකොට මොනවද මේ පොත්වල තියෙන්නේ? ඒවා බොරුද?"

"ආ ජෙසී ඔය පොත්...."

"ඩොක්ට එරික් කියන්නේ අපේ තාත්ත ද?"

"මොකක්ද?"

"ඩොක්ට එරික් කියන්නේ අපේ අප්පද?"

ඒත් මිසිස් චෝයි මුකුත් නොකියා ජෙසී දිහා බලන් හිටියෙ ගොළු වෙලා වගේ...

Ghost Girl || CompletedWhere stories live. Discover now