INTRODUCTION

5.7K 399 295
                                    

කිම් මාෆියා. කොරියාවේ හැම නීතිමය අංශයක් තුළම තියෙන WANTED LIST එකේ රතු පාටින් මාර්ක් වෙච්ච නම්බර් #1 මාෆියා සංවිධානය තමයි the' කිම් මාෆියා.

මුලු රටක් පුරාවටම විසබීජයක් වෙච්ච මේ මාෆියා ව අල්ල ගන්න ඇයි තාමත් කිසිම සංවිධානයකටවත් පුලුවන් වුනේ නැත්තෙ කියන එක කාටත් ප්‍රශ්නයක් වුනත් ඒ ගැන ප්‍රශ්න කරන්න කාටවත් මේ වෙනකන් කොන්දක් තිබුණෙ නෑ වගේම මාෆියාව ප්‍රශ්න කරන්න ඉස්සරහට එන අයව මාර්ගයෙන් ඉබේටම අයින් වෙලා ගියේ දූවිලි පාරක් වත් ඉතුරු වෙලා නොයද්දී.

රෙඩ් ලිස්ට් එකේ අංක එක වුනත් කවුරුත් මේ දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැත්තෙ ඕන කමින් වුනත් ඒ ඕන කමට යටින් බැදිච්ච බයක් හැමෝගෙම හිත් වල තිබ්බා වගේම ඒක හැමදාටමත් තියෙන්න නියම වුනු දෙයක්. මොකද ඕනම රටක දේශපාලනඥයකුගෙ ගැලවුම්කාරයා වගේම උන් අදහන දෙවියන් වුනේ මාෆියාව යි. නීතිය, ජීවිත ගැන කිසිම බයක් හැඟීමක් නැති මේ මාෆියාව දේශපාලනඥයන්ගේ පැවැත්මට ප්‍රධානතම හේතුවක් වෙලා ඉවරයි.

ලොවක් අතට ගත් ඉතාලි‍ය, රුසියාව මෙන් බිහිසුණු, තිරිසන් මාෆියාවක් කොරියාවෙත් නැගී එමින් පැවතියා වුනත් දැන් එය නොවැළැක්විය හැකි තරම් ප්‍රබල බලවේගයක් වෙලා අවසාන වෙලා තියෙන්නෙ එහි නොසැලෙන නායකත්වය නිසා වෙනි.

කිම් සන්ග් වුක්, කොරියාවේ 'මාෆියාව' ඉතිහාසයේ ලියවන්නට තරම් ශ්‍රේෂ්ඨ නායකත්වයක් දුන්නු නායකයා වගේම කොරියාවේ තිබුනු එක සුන්දර පැත්තක් තනිකරම අඳුරෙන් නාවලා දැම්ම යක්ශයාත් වුනා.

කොරියාවට එහි ආවේණික අලංකාරය තිබුණත්, නියම වේලාවට නිවැරදි ස්ථාන වලට තමන්ගෙ අවධානය යොමු කර බලුවහොත්, ඒ සෑම දිනකම සෑම තත්පරයකම පවා සැඟවීමට උත්සාහ කළ සියලුමාකාරයේ අඳුරු ස්ථාන, මතක, හෙවනැලි ඔබට දැකගත හැකි වනු ඇත. ඒ වගේම කිම්ගේ පවුලත් ඒ අඳුරේ ප්‍රධාන කොටසක් වුනා.

කිම් පවුල කොරියාවේ මෙතෙක් වූ ධනවත්ම සහ රට පුරා නම තිබ්බ සුප්‍රකට පාරම්පරික කීර්තිමත්ම පවුලක් වුනත් කිම්වරු කවදාවත් නීතිය සමඟ බැදුනෙ නෑ. නීතිය කිම්වරුන් ට අවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද නීතියටයි කිම්වරු න් ව අවශ්‍ය වුනේ.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now