CARNIVAL

2K 314 330
                                    

| මින් ලීස්

"අද අමුතුම දවසක් අප්පා." රේ සෝෆා එක උඩට කකුල් දෙකත් දාලා හිරි අරින ගමන් ලොකු ඈනුමක් යැව්වා.

"ඒ අස්සෙ මන් හරිම ගදයිත් එක්ක. ගිහින් වොශ් දාලා එන්නම්." මන් උඩට යන ගමන් කියාගෙන ගියා.

"හ්ම්..ඊටපස්සෙ මට ඇවිත් කියන්න ඔයාගෙ බ්ලවුස් එකේ ලේ ගෑ වුනු විදිහත්." මන් ශොක් වුනේ රේ ගෙ වචන ඇහිලා වුනත් ඒක පෙන්නන්නෙ නැතුවම මන් මගේ කාමරේ ඇතුලට ගියා.

කාමරේ ඇතුලට ආපු ගමන් මන් දොර වහගෙන දොරටම හේත්තු වුනේ ලොකු හුස්මක් උඩට ඇදලා ගනිද්දී. ඒත් එක්කම මන් මගේ බ්ලවුස් එක දිහා බලලා ඒකෙ ගෑවිල තිබ්බ ලේ පැල්ලම් දිහා බලලා වෙච්ච හැම දේම මතක් කරගත්තා.

කිම් ටේහ්‍යුන්….කොහොමද මන් ඒ කෙනා ගැන හිතන්නෙ? එයා මාෆියා එකේ, ඒත් මන් සාමාන්‍යය කෙල්ලෙක්. එයා පෝසත්, ඒත් මන් දුප්පත්. එයා වෙනම ලෝකයක්..

මන් ඔලුව වනලා බ්ලවුස් එක ගලවලා කාමරේ බිමකට විසි කරන ගමන් බාත් රූම් එක ඇතුලට ගියේ කූල් ශවර් එකක් ගන්න බලාගෙන.

Next day

යුනි එකේ කාර්නිවල් එක අද නිසා අපි තුන් දෙනා ඉක්මනට ඇදගෙන පහල කිචන් එකට ආවෙ ඊයෙ රෑ එන ගමන් ගත්ත නූඩ්ල්ස් හදන්න බලාගෙන.

නූඩ්ල්ස් කන්න පිඟන් තුනක් ගත්ත මම ඒක හෝදන්න සින්ක් එක ලගට ගියාම උගුර හදන සද්දයක් ඇහුන නිසා මන් මගේ එහා පැත්ත දිහා හැරිල බැලුවා.

"ඉතින්…?" ආයෙමත් පිගාන දිහා බලපු මම උරහිස ඉස්සුවා.

"ඊයෙ වෙච්ච දේ ගැන කියන්න ඕනෙ නැද්ද?" ආයෙමත් රේ දිහා බලපු මම ටැප් එක වැහුවා.

"මොකක් ගැනද?" රේ මන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා මගේ අතේ තිබ්බ පිඟන් තුන අරන් ඒක ටේබල් එක උඩින් තියන්න ගත්තා.

අපි දෙන්නගෙ මේ අසාමාන්‍ය හැසිරීම දිහා බලන් හිටපු යුන් සයිලන්ට් ව එයාගෙ නූඩ්ල්ස් ටික බෙදා ගත්තෙ කන්ෆියුස්ඩ් ව කියලා මට තේරුනා.

"ඔයා කෑම කන එක බාගෙට නවත්තලා කාමරේට දුවගෙන ගියපු එක ?" රේ එන්න හැදන දේ ගැන තේරුණු නිසා ටිකක් කලබල වුනත් මන් ටක් ගාලා මූන හදාගත්තත් ඒක රේ ට නෝට් වෙලා ඉවරයි කියලා මන් එයාගෙ ලුක් එකෙන් දැන ගත්තා.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now