BLACK BOOTS

2K 341 316
                                    

| මින් ලීස්

යුනිවර්සිටි ඉවර වුනු ගමන් අපි තුන් දෙනා කොලේජ් එකේ හැම අස්සකම රිංගුවේ ඒ අස්සෙන් තිබ්බ සමහර security කැමරාස් වලට අපේ ලස්සන මූනු විකුර්ති කිරිමේ හැකියාව පෙන්නලා දෙන ගමන්.

ඒ විතරක් නෙවෙයි අපි කොලේජ් එකේ security ගාර්ඩ් කෙනෙක් ටත් ප්රෑන්ක් එකක් කරලා එතනින් ශේප් එකේ මාරු වෙලා ගියේ පරිප්පු කන්න තරම් මූඩ් එකක් නැති නිසා.

ඒ අස්සෙ දැන් පාර දිගට බල්ලො රැළක් වගේ හති දාන ගමන් අපි තුන් දෙනා දිව්වෙ එන ගමන් පොඩි එකෙක් ටත් ආතල් එකක් දීලා ඌවත් අඩවලා. ඩයල් එක තනියෙන් හිටපු නිසා අපි හිතේ හැටියට ඒ පොඩි එකාට පොඩි පරානයක් සෙට් කරලා ටක් ගාලා මාරු වෙලා දැන් අපාර්ට්මන්‍ට් එක හරියට ඇවිත් ඒ ළඟින් තියන තාප්පෙකට අපි තුන් දෙනා හේත්තු වුනා.

"ඒ මේ, අපි කාපුවා දැන් අනිත් පැත්තෙන් යවන්න විතරයි තියෙන්නෙ." රේ ඒක කිව්ව ගමන් තාප්පෙට හේත්තු වෙලා වේගෙන් හති දාන එක අස්සෙන් අපිට බිම වැටෙන්න තරම් හිනා යන්න ගත්තම ළඟින් යන මිනිස්සු අපිට ලුක්ස් දාගෙන ගියේ හරියට පිස්සන්කොටුවෙන් පැනලා ආපු එවුන් ද වගේ සීන් එකෙන්.

ඒත් එක්කම යුන් නන්ගි හතිය දරාගන්න බැරුව කෙලින්ම අපාර්ට්මන්‍ට් එකට දුවගෙන ගිහින් අපි ඉන්න ෆ්ලෝ එකේ දොර ඉස්සරහින් ආයෙත් හිනා වෙවී බිම ඉදගත්තා.

"මන් හිතන්නෙ ආයෙ මොනා හරි කෑවොත් මේ ගතිය හරි යයි." බඩත් අත ගාන ගමන් අපි දෙන්නා දිහා බලපු යුන් ව දැකලා මට තවත් හිනා ගියා.

"එච්චරයි අඩුවට තිබ්බෙ." රේ දොරට හේත්තු වෙලා ඉන්න යුන් ව කකුලින් තල්ලු කරලා අපාර්ට්මන්‍ට් එකට ඇතුල් වුනා.

| සෝ රේ-මින්

ටක් ගාලා උඩට ගිහින් වොශ් එකක් දාගෙන ආපු මම පහලට දුවගෙන ගියේ අපිට අද රෑට කන්න කෑම කිසි දෙයක් නෑ කියලා අර දෙන්නට කියන්න බලාගෙන. මොකද මම අද කොලේජ් ඇරිලා එන ගමන් අපිට නූඩ්ල්ස් පැකට්ස් ගන්න හිතන් හිටියත් නටපු කෝලම් වල හැටියට ඒක තත්පරේකටවත් මතක් වුනේ නෑ.

"ලීස් මේ, අපිට ආයෙත් එලියට යන්න වෙනවා. මට දවල් එද්දි කියන්න අමතක වුනා නෙ අපිට රෑට කන්න කෑම නෑ කියලා."

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now