| මින් ලීස්
හැමදාමත් වගේ මන් කාටත් වඩා කලින් නැගිටලා කරේ ඇද ගාව තියන පුංචි ජනේලෙන් එලිය බලන් කල්පනා ලෝකෙට වැටෙන එක.
ඒත් අද උදේ ඒ හැම එකකටම වඩා වෙනස් වුනා. අද දවස වෙනස් වගේම මගේ ජීවිතට වැදගත් ම එකක් වුනා. මොකද වෙනදා ආච්චි අම්මා එක්ක ජීවත් වුනු මම අද ඉන්නෙ තනියම. ආච්චි අම්මගෙන් ගොඩක් ඈතක.
වෙනදා මන් ඇදෙන් නැගිටින කොටම මන් ලගට දුවගෙන ඇවිත් නලලට ලොකු හාදුවක් දීලා කිරි එක ලගට ගේන අත්තම්මා අද මං ළඟ නෑ. එයා මට නිකන්ම ආච්චි අම්මා කෙනෙක් නෙවෙයි. එයා තමයි මට හිටපු එකම පවුල. ඒත් එයත් දැන් අම්මයි තාත්තයි වගේම අහසෙ තරුවක් වෙලා ඉවරයි.
මගේ අම්මයි තාත්තයි ගැන කියනවා නම් එයාලා දෙන්නම නැති වුනේ කාර් ඇක්සිඩන්ට් එකකින්. එතකොට මට හරියටම අවුරුදු නවයයි. ඒ කාලෙ ඉදන් ම මාව බලා ගත්තෙ අත්තම්මා. මෙච්චර කල් මට කිසිම අඩුවක් වෙන්න නොදී අත්තම්මා මාව බලා ගත්තත් දැන් මට තනියෙන්ම පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න වෙනවා කියලා මතක් වෙද්දි ඉබේටම මගේ ඇස් වලට කඳුළු එන්න ගත්තෙ මටවත් නොදැනිමයි.
"ඒ ගල් හිවලෝ නැගිටිනවා!! නැත්තන් පයින් තමයි පළවෙනි දවසෙම යන්න වෙන්නෙ."
බර කල්පනාවක හිටපු මම සුපුරුදු මර ලතෝනියක් නිසා ආයෙමත් හොඳ සිහියට ආවේ දුකින් පිරිච්ච මගේ මූනට ආයෙත් පරණ විදිහට හිනාවෙන් පිරිලා යද්දි.
ඔව්, සෝ රේ-මින්. මන් එයාට කතා කරන්නෙ රේ කියලා. එහෙමත් නැත්තන් වොන්ඩර් වුමන්. හි හී....වොන්ඩර් වුමන් කියන්නෙ ඇයි කියලා දන්නවද?
මොකද එයා ට තරහ ගියාම එයා සාස්පානක් අරන් මිනිස්සුන්ට ගහන නිසා. ඒකත් මේ නිකන් අහිංසක අයට නෙවෙයි. වැරදි කරන අයට. ඕකට හොදම එක්සාම්පල් එකක් නම්, එක දවසක් පාරෙ යන අහිංසක ආච්චි කෙනෙක් ගෙ වොලට් එකට පිට්පොකට් කාරයෙක් වැඩේ දෙන්න යද්දි රේ ඉදලා තියෙන්නෙ එතනම කිචන් බඩු ට්‍රක් එකක සේල් එකක් දාපු තැනක. ඉතින් එතන තිබ්බ සාස්පානක් උස්සපු රේ ඒ මනුස්සයගෙ තිබ්බ හතර හංදි ආයෙ ජීවිතේට වත් මතක් කර ගන්න බැරි වෙන්නම දීලා ඇරලා.
YOU ARE READING
MAFIA'S BABYGIRL ✔︎
Fanfiction"Mine" He whispered. "Yours" She breathed. A KTH FANFICTION 14|02|2021- Published 04|08|2021- Ended 19|02|2023 - (Re-editing)