JUNGKOOK'S CRUSH

1.9K 339 336
                                    

| සෝ රේ-මින්

"එතකොට දෙන්නයි ද හරියටම හිටියෙ එතන?" නම්ජූන් අයියා අහපු ප්‍රශ්නෙට නන්ගි ආයෙමත් ඔලුව වනලා මන් දිහා බයෙන් බැලුවම මන් හිනා වෙලා මෙච්චර වෙලාවක් අල්ලන් හිටපු එයාගෙ අත මගේ මහපට ඇඟිල්ලෙන් හෙමීට අතගෑවෙ එයාගෙ මූනට ඉබේම හිනාවක් ඇදෙද්දි.

ඒත් එක්කම යුන් එයාගෙ ඇස් පොඩි කරන ගමන් මන් ලගට බර වුනා.

"අක්කෙ, ලීස් අක්කා තනියෙන් නෙ. එයා බය වෙලාද දන්නෙත් නෑ." මන් ඔලුව වනලා නම්ජූන් අයියා දිහා බැලුවා.

"ම්ම් අයියෙ දැන් අපිට යන්න පුලුවන් ද? මොකද ලීස් තනියෙම එලියෙ ඇත්තෙ." නම්ජූන් අයියා ටික වෙලාවක් හිතලා හෙමීට ඔලුව වැනුවෙ පොඩි හිනාවක් දාන ගමන්.

"හ්ම්. ඒකත් ඇත්ත. සොරි මට ඒක තව පොඩ්ඩෙන් අමතක වෙනවා." මන් හිනා වෙලා නැගිට්ටෙ යුන් ටත් නැගිටින්න කියලා ඉගි කරන ගමන්.

"ඒත් ඔයාල තුන් දෙනාට දැන්ම යන්න දෙන්න බෑ රේ-මින්. මට ඔයාලව බඩගින්නෙ යවන්න බෑ."

"මොකක්? අයියෝ ඕක මොකක්ද. අපිට යන ගමන් මොනා හරි බඩට දාගන්න තියෙන්නෙ." නම්ජූන් අයියා ඔලුව වනන ගමන් නැගිට්ටෙ මෙච්චර වෙලා ස්ටාෆ් රූම් එක ඇතුලෙ පැත්තකට වෙලා හිටපු බොඩිගාර්ඩ්ස් ලත් නම්ජූන් අයියා වටේට ඇවිත් හිට ගනිද්දී.

"යුන් නන්ගි කරේ ලොකු දෙයක් රේ-මින්. අනික වෙන කෙනෙක් හිටිය නම් ඒකෙනුත් ප්‍රයෝජනේ ගන්න හැටි ඔයාම හොදට දන්නව නෙ. So please let me treat you guys." මන් එතකොට යුන් දිහා බලද්දිත් යුන් වටපිට බල බල බුම්මන් ඉන්න විදිහ දැක්කම මට හිනා ගියේ කෙල්ල දැනටමත් බඩගින්නෙ ඇත්තෙ කියලා තේරුම් යද්දි.

"ම්ම් හරි අයියෙ- කොහොමත් ඔයාගෙන් බේරුමක් නෑ කියල මන් දන්නව." එහෙම කිව්වම නම්ජූන් අයියා පොඩි හිනාවක් දාලා අපි දෙන්නට එලියට එන්න කියන ගමන් එයා මෙතනින් යන්න ගත්තා.

"මේ අහන්නකො-" යුන් රහසින් කතා කරාම මන් හෙමින් සැරේ එයා කියන්න යන දේට ඇහුම්කන් දීගෙන හිටියා.

"මට ජන්කුක් ව බලන්න බැරි වෙයිද දන්නෑ නේද?" මන් යුන් ගෙ ඔලුවට පාරක් ගහලා මගේ කටට ඇගිල්ලක් තිබ්බෙ කට වහගන්න කියලා හින්ට් කරන ගමන්.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now