THOSE BLACK ORBS

2K 361 405
                                    

| මින් ලීස්

අපි කොරිඩෝ එක දිගේ ගිහින් කෙලින්ම හැරුනෙ අපේ පලවෙනි ක්ලාස් එකට.

රේ ක්ලාස් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියාම මගේ ඇස් ලොකු වුනේ ක්ලාස් එකේ ලොකු දැකලා.

අපි දෙන්නම ඇතුලට ගියාම ඇතුලෙ කියව කියව හිටපු ළමයි ඔක්කොම කියවන එක නවත්තලා අපි දෙන්නා දිහා බැලුවේ හ්ම් සද්දයක් නොකර.

"ඇයි මේ සද්දෙ නැති වුනේ?" මන් රේ ගෙ අතට අනින ගමන් ඇහුවා.

"අලුත් ළමයෙක් ආවම එහෙම තමයි. කන්න වගේ බලනවා. මම ආපු දවසෙ මටත් මේකම වුනා. ඒත් මන් පොඩ්ඩක් මොන්ගල් සීන් එකේ හිටපු නිසා එයාලා වැඩිය මාව ගනන් ගත්තෙ නෑ."

"පොඩ්ඩ? හොද පොඩ්ඩ උබේ මොන්ගල් සීන් එක." මන් රේ ට හිනා වුනාම පොර මට බලු ලුක් එකක් දාලා ඉස්සරහට ගියා.

"ආහ් මිස් රේ-මින්. වෙලාවටම ආවා. ගිහින් වාඩි වෙන්න." එතකොට රේ සර් එක්ක හිනා වෙලා එයාට මාවත් පෙන්නලා එතනින් ගියේ මට එයා ඉන්න තැනට එන්න කියලා අතෙන් පෙන්නන ගමන්.

"එතකොට මේ ඉන්නෙ මින් ලීස්. අපේ කොලේජ් එකට අලුතින්ම ආපු ළමයා. හැමෝම එයාව අදුන ගන්න." සර් එහෙම කියලා මට කතා කරන්න ඉඩ දීලා පැත්තකට ගියාම මට ඉබේටම කෙල ගිලුනේ ආපු නර්වස් ෆීලින් එකට.
(හිම්ස්: ලේඩීස් ඇන්ඩ් ගෙන්ට්ල්මන් වෙල්කම් ටු අවර් බලු සීන්)

"ආහ්- Hey! I'm Min lees and nice to meet you. Hope we will be friends." ඒත් එක්කම මං ගැස්සිලා ගියේ හැමෝම ක්ලැප් කරන්න පටන් ගත්තම.

"හරි මිස් ලීස් ගිහින් වාඩි වෙන්න. මන් හිතන්නෙ ඔයාගෙ යාලුවා දැනටමත් ඔයාට වාඩි වෙන්න තැනක් ලෑස්ති කරලා තියෙන්නෙ." මන් සර්ට තෑන්ක් කරලා එතනින් හැරුනම දැක්කෙ රේ හෝල් එකේ අයිනක ඉදන් මට දාගෙන අත වනනවා.

-

"ඒ මේ අද පට්ට නේද? වෙලාව ගියා දැනුනෙත් නෑ. මන් හිතන්නෙ ඒ ඔයා හිටපු නිසා. මොකද මන් වෙනදා හිටියේ හෝල් එකේ කෙළවරේ තනියම. කොලේජ් එකට ආපු පලවෙනි දවසෙ ඉදන් මගේ එනර්ජි එකට ගැලපෙන පොරක් හම්බ වුනේම නෑ නෙ."

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now