HOUSE OF MIRRORS

1.9K 322 457
                                    

| මින් ලීස්

වතුර තිපහට ස්ටාෆ් රූම් එකට දුවගෙන ආපු මම ඒ අදහස අනිත් පැත්තට අයින් කරගත්තෙ මන් වගේම තව මාස්ක් දාගෙන තිහක් හතළිහක් විතර බැක්ස්‍ටේජ් එකේ ඉන්නව දැකලයි. ඒ අස්සෙ ඒ අතරින් දිලිසෙන බ්ලැක්
ලෙදර් ක්ලෝක්ස් ඇදගෙන, බ්ලැක් ජෝකර් මාස්ක්ස් දාගෙන එහාට මෙහාට ඇවිදින බිශොප්ස්ල දැක්කම මාව සුදු වෙලා ගියේ අර ටිකට් කඩන තැන වෙච්ච සිද්ධිය මතක් වෙලා.

ආපු ගමන් ගොනා වගේ ආයෙමත් අනිත් පැත්තට දුවගෙන යන්න බැරි නිසා බෑග්ස් තිබුනු ලොකර්ස් ගාවට ගිහින් මන් මගේ ෆෝන් එක අරගෙන රේ ට වෙච්ච දේ සරලව කියල මෙසේජ් එකක් දාලා එතනින් ටුක් ගාලා යන්න හදද්දිම මන් වගේම ඇදගෙන ඉන්න කෙනෙක් ව දැකල මාව ගැස්සුනත් ලොකුවට පෙරවගෙන ඉන්න නිසා මගේ ඒ රිඇක්ශන් එක වැඩිය එයාට නෝට් වුනේ නෑ.

"ලීස්?" මිරා ගෙ කටහඬ අදුන ගත්ත ගමන් මන් ටක් ගාලා ඔලුව වැනුවා.

"ඇතුලෙ ගොඩක් අවුල් බන්?" මිරා කියපු දේ තේරුනෙ නැති වුනත් එයා මාව පහු කරන් ඇවිදගෙන යන අතරෙ මට හෙමින් සැරෙ කතා කරා.

"හොරර් හවුස් එකේ හවුස් ඔෆ් මිරර්ස් එක ඇතුලට ගියාම පුදුම පිස්සු හැදෙනව ඕයි. ඒත් ඔයාලට ඒකෙ ඇතුලෙ හැම දේම පැහැදිලි කරල දෙයි." මිරා ට තෑන්ක් කරලා මන් ටක් ගාලා හවුස් ඔෆ් මිරර්ස් රූම් එකට ස්ටාෆ් එන්ට්‍රි එකෙන් ඇතුලට ගියාට පස්සෙ දැක්කෙ බිශොප්ස් ල දහයක් විතර පෝලිමට හිටගෙන ඉන්නවා.

ඒත් එක්කම එක බිශොප් කෙනෙක් මොනාද මන්දා රතු ටියුබ්ස් වගයක් හැමෝගෙම අතට බෙදන්න ගත්තා.

"හවුස් ඔෆ් මිරර් එක ඇතුලෙ ඔයාල අපිට සමානයි." මගේ ඇස් ලොකු වුනේ ඒ කියපු කුනුහර්පෙ අහලා.

"ඔව්, ඔයාලට තියෙන්නෙ අපිට වගේම ටාර්ගට්ස් අල්ලන්න. ඒ කියන්නෙ හවුස් ඔෆ් මිරර් එකට හැමෝමටම එන්න පුලුවන් වෙන්නෙ මුලින්ම maze එක ෆේස් කරාට පස්සෙ. ඒ කියන්නෙ මිරර් හවුස් එකට එන්න තියෙන ප්‍රමාණය සීයෙන් විස්සයි වගේ." බිශොප් කෙනෙක් ඇවිත් මටත් රතු ටියුබ්ස් දුන්නට පස්සෙ හැමෝම කරනව වගේ මමත් මගේ මගේ කලිසමේ තිබ්බ හෝල්ඩර් එකක ඒ ටියුබ්ස් දැම්ම.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now