HE CAPTURED ME

2.2K 339 281
                                    

කට්ට කලුවරේ වතුර උඩින් අඩි තියන ගමන් වේගෙන් ඇවිද්ද ලීස් සිය වෙනි පාරටත් තමන්ගෙ පිටිපස්ස බැලුවෙ එකම එක හේතුවක් නිසා.

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි කිම් ටේහ්‍යුන්. තමන්ට හුස්ම ගන්න විදිහ ජීවිතේ පලවෙනි පාරට අමතක කරවන්න පුලුවන් වෙච්ච එකම පිරිමි ළමයා කිව්වොත් හරි. මේ ටික දවසට ටේහ්‍යුන් එක්ක වෙච්ච දේවල් සාමාන්‍යය ජීවිතය ඇතුලෙ වෙන දේවල් නෙවෙයි කියලා දැන දැනත් ලීස් කොහොමද ටේහ්‍යුන් ළඟ මෙච්චර සන්සුන්ව ඉන්නෙ කියන එක ඔයාලට ප්‍රශ්නයක් නෙවෙයිද? මොකද වෙන ගෑනු ළමයෙක් ට ලීස් මේ දවස් තුන හතරට දකින්න විදින්න පුලුවන් වුනු දේවල් වුනොත් එයාල මෙහෙම සන්සුන්ව කොහෙතමවත් ඉන්නෙ නෑ කියලා කාගෙත් හිත් කියයි.

ඉතින් ඔයාලට මතකද මම පලවෙනි දවසෙම කිව්වා මේ කතාව සාමාන්‍යය කතාවක් නෙවෙයි කියන එක? ඒක මතක් කරගෙනම මේක කියවමු.

|මින් ලීස්

"ශිට්!-" එකපාරටම මන් දුවන එක නැවැත්තුවේ මුලු surrender හෝල් එකම වෙව්ලලා යන්න තරම් සද්දෙන් වැදුනු බෙල් එකක් නිසා. ඒ කියන්නෙ තුන්වෙනි ස්ටේජ් එක පටන් ගත්තා කියන එක.

හිරි වැටිලා ගියපු මම ආයෙමත් ඉස්සරහට වේගෙන් අඩිය තියලා යන්න ගියේ දෙලෝරත් වෙලා.ඒ ඇවිදන් යන අතරෙ හම්බවෙච්ච කී වෙනි වංගුවෙන් ද මන්දා හැරුණු මම තත්පරේකට පිටිපස්ස හැරිල බැලුවේ ටේහ්‍යුන් එනවද කියලා බලන්න වුනත් එයා පේන තෙක් මානෙකවත් හිටපු නැති නිසා මන් ටක් ගාල මගේ වම් අත පැත්තෙන් තිබ්බ ටර්න් එක අරගත්තා.

ඒත් ආයෙමත් ඉස්සරහින් හම්බ වුනු පොඩි ටර්න් එක ගත්ත මම ඒ පැත්තට හැරුනු  ගමන්ම ගිහින් මිරර් එකක වැදුනෙ මට තරු පනිද්දි. ඉක්මනට උරහිස තදින් අල්ලගෙන වේගෙන් අතගාපු මම මගේ ඉස්සරහින් තිබ්බ මිරර් එකෙන් පේන්න ගත්ත සුදු පාට ෆ්ලැග් එකක් නිසා පිටිපස්ස හැරිලා බැලුවා.

"ශිට්-" සුදු ෆ්ලැග් එක කියන්නෙ මෙතනින් පස්සෙ මේ පාර ඉවරයි කියන එක. ඒ කියන්නෙ මම මෙතන හිර වෙලා කියන එකයි. මොකද මන් ආයෙමත් ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන් මන් ටේහ්‍යුන් ට අහු වෙනවා.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 16, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now