INSTAGRAM REQUEST

1.9K 337 334
                                    

තමන් දික් කරපු අත ගස්සලා දාලා හීරුනු කකුලත් එක්ක නැගිට්ට කෙල්ල දිහා කිම් පුදුමෙන් බැලුවෙ තමන්ගෙ මූන වැහෙන්න දාපු මාස්ක් එක යටින්.

තොල් අගට ආපු ඒ ලා හිනාව අරන් කිම් තමන්ගෙ අත කලිසමේ සාක්කුවට දාගෙන බෙල්ලෙ ඇටයක් ගඩන ගමන් තමන් ඉස්සරහ බය නෑ වගේ හැසිරෙන්න දගලන කෙල්ල දිහා බලන් හිටියේ මේ කවුද කියන්න හොදටම දැනගෙන.

ඔව්, කිම් ටේහ්‍යුන් ප්‍රථම වතාවට ගෑනු ළමයෙක් ගෙ මූනක් මතක තියා ගන්නවා. කිම් ට වුනත් ඒක පුදුමයක් වුනත් ඒ ගැන හිතන්න කිම් ට මේ වෙලාවෙ මූඩ් එකක් තිබ්බෙ නෑ. මොකද මේ වෙලාවෙ එයාට වැදගත් වුනේ එයාගෙ අඩවියේ එහෙමත් නැත්තන් කිම් ගෙ බෝඩර් එක ඇතුලේ හිර වෙලා ඉන්න අහිංසක ඔමේගා ව ඇල්ෆා කෙනෙක් ගෙ ඇස් වලට හිර වෙලා ඉන්න එකයි.

කිම් ට මේ වෙලාවෙ ඒක වින්දනයක් වුනත් කිම් දැනගෙන හිටියා මාෆියාව කෙල්ලෙක් ට හොද තැනක් නෙවෙයි කියලා. ඒ දැනත් එයා ඒ වගකීම ගන්න ලෑස්ති වෙලා හිටියා කියලා විශ්වාස කරන්න පුලුවන්ද?

| කිම් ටේහ්‍යුන්

මේ කෙල්ල…? අද උදේ මන් දිහා අප්‍රසන්න විදිහට බලන් හිටපු කෙල්ල නේද? කට අගට හිනාවක් ආපු මම ඒ කෙල්ලගෙ උඩ ඉදන් පහලට බැලුවා.

මන් ඉස්සරහ බය නෑ වගේ හැසිරෙන්න හැදුවත් එයාගෙ ඒ වේලුනු තොල්, ගැහෙන අත් දැක්කම මන් පුදුමෙන් බලන් හිටියෙ ඊළඟට මෙයා මොනාද කරන්න හදන්නෙ කියලා බලාගෙන.

ඒත් කිසිම රෙඇක්ට් එකක් ලැබුනෙ නැති නිසා ටික වෙලාවක් මන් මේ කෙල්ල දිහා බලන් ඉදලා ලගට යන්න ගත්තෙ වෙලාව නාස්ති වෙනවට කැමති නැති නිසයි.

"මොනාද මේ වගේ තැනක කරන්නෙ?"

ඒක අහපු ගමන් ගැස්සිලා ගියපු එයා, එයාගෙම කකුලෙ පැටලිලා ඇදගෙන වැටෙන්න ගියත් අතකින් අල්ල ගත්ත මන් ඒ කෙල්ලව මන් ලගට ඇදලා ගත්තෙ ඇද්ද පාරට ඒ කෙල්ල ඇවිත් මගේ චෙස්ට් එකේ වැදුනමත් එක්කම ප්‍රොටෙක්ටර්ස් ල හැම කෙනෙක් ම අනිත් පැත්ත හැරුනෙ ඒක මාෆියා වල රූල් එකක් නිසයි. මන් අල්ලන කිසිම ගෑනු ළමයෙක් ප්‍රොටෙක්ටර්ස් ල දකින එක රූල් එකට අනුව වැරැද්දක්.

MAFIA'S BABYGIRL ✔︎Waar verhalen tot leven komen. Ontdek het nu