LOVEBITES

2.1K 344 383
                                    

| මින් ලීස්

මම, යුන් උයි රේ උයි එක්ක යුනිවර්සිටි එකේ එන්ට්‍රන්ස් එක ඇතුලට හති දදා ආවෙ පබ්ලික් බස් එක අරන් අපි තුන් දෙනා බැහැලා ඇවිදන් එද්දි කොහෙන්ද මන්දා බලු තඩ්ඩෙක් අපේ පස්සෙන් පිස්සෙක් වගේ දුවන් ආපු නිසා. ස්පෙශලි අපේ යුන් බලු තඩියෙක් වුණාට ඌත් බල්ලොන්ට බයයි නෙ.                             

"මරු හැබැයි." රේ මගදි කඩෙන් ගත්ත බනිස් බෑග් එක දිහා බලලා බෑග් එක ඇතුලෙ තියන බනිස් ගෙඩි එකින් එකට ගනන් කරේ දුවගෙන ආපු විදිහට බනිස් ගෙඩි වැටිලද කියලා ශුවර් නැතුව.

ඒත් එක්කම අපි තුන් දෙනා ටක් ගාලා යුනි එක ඇතුලට ගොඩ වුනේ අපේ ඇටෙන්ඩන්ස් ශීට් එක මාර්ක් කරන්න ඕන නිසා වුනත් මාව ගැස්සිලා පිටිපස්සට තල්ලු වුනේ පැත්තෙන් ආපු ලොකු හෝන් සද්දෙකට.

කාර් එකේ වින්ඩෝව් එක low කරන් සොරි කියන්න අතින් පොඩි sign එකක් දාගෙන යන කාර්ස් දෙක දිහා මන් කටත් ඇරන් බලන් හිටියේ තත්පරයක් යන්න කලින් ඒ කවුද කියලා අදුන ගනිද්දී.

"යකො මුන්ගෙ බූදලේ කියලා හිතලද-" මන් අතින් ඒ කාර්ස් යන පැත්තට බැන බැන ඉස්සරහට ඇවිදන් ගියා.

"තරහ ගන්න එපා බන්. ඒත් උන්ගෙ බූදලේ තමයි නෙ?" මන් ඔරවලා රේ දිහා බැලුවා.

"ලීස් අක්කට තරහ ගියත් ලස්සනයි අප්පා!! හපන්න හිතෙනවා." මමයි රේ උයි යුන් ට ඩිස්ගස්ටින් ලුක් එකක් දාලා යන්න ගියා.

"යා!! ඉන්නවකො මන් එනකන්!!"

යුන් පස්සෙන් දුවන් එද්දි අපි දෙන්නා හිතලම වේගෙ වැඩි කරේ පොර ට දුවන්න බෑ කියල දන්න නිසයි.

කොහොම හරි අපි ඇටෙන්ඩන්ස් මාර්ක් කරන තැනට ගිහින් පෝලිමේ හිටගත්තෙ දැනටමත් එතනට සෙනඟ එන්න ගනිද්දී. ඒ අතරෙ වටපිට බලලා බැරිම තැන මන් රේ දිහා බැලුවා.

"අරගොල්ලො මාර්ක් කරලත් ඉවරද?" මන් ආයෙමත් එන්ට්‍රන්ස් එක දිහා බැලුවා.

"අරගොල්ලො කිව්වෙ?" රේ මන් ඇස් යවන පැති දිහාට එයාගෙත් ඇස් යැව්වේ මන් කියන දේ තේරුම් ගන්න බැරුව.

"අහ් මේ අර හත් දෙනා?"

"ඔහ්- එයාලගෙ ඒවා ඉබේම සයින් වෙනවා." මන් රේ දිහා බැලුවා.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now