HE KNOWS

2K 337 304
                                    

| මින් ලීස්

"යුන්!?" මායි රේ යි පිරිමි ගොඩක් වට වෙලා ඉන්න තැනක වාඩි වෙලා අතරමං වෙලා වගේ බලන් ඉන්න යුන් නන්ගි ගාවට ඉක්මනින් දුවගෙන ගියා.

"මොනාද වුනේ?? ඇයි මට හරි ලීස් ට හරි කෝල් කරේ නැත්තෙ??" රේ යුන් ගෙ උරහිස් දෙකෙන් අල්ලන් බය වෙලා ප්‍රශ්න කරන අතරෙ මගේ ඇස් ගියේ හිටගෙන ඉන්න පිරිමි අය ගාවට.

ඒත් එක්කම මගේ ඇගම අමුතුම විදිහකට හිරි වැටිලා ගියේ අර තද කලු හැගීම් නැති ඇස් දෙක ළඟින් ගිහින් නතර වෙද්දි. ඒත් මන් ටක් ගාලා අහක බලා ගත්තා.

ටේහ්‍යුන්...? ඔය අතරෙ මට එකපාරටම මතක් වුනේ ඊයෙ රෑ සිද්ධියයි. මන් ටක් ගාලා ආයෙමත් ටේහ්‍යුන් දිහා බැලුවම දැක්කෙ එයා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා.

එතකොට ඊයෙ රෑ මෙයාද?-

මන් ටක් ගාලා රේ ව යුන් ගෙන් එහාට තල්ලු කරලා යුන් ගෙ උඩ ඉදන් පහලට බැලුවෙ එයාට තුවාලයක් වෙලාද කියල බලන්න.

"ය්-යුන්- ඔයාට මෙයාලා මොනා හරි කරාද? ඔයා මට ඇත්තම කියන්න??"

යුන් ටක් ගාලා නෑ කියන්න ඔලුව වැනුවම මන් ආයෙමත් අර කට්ටිය දිහා බැලුවම දැක්කෙ ටේහ්‍යුන් මගේ දිහා අමුතු විදිහකට බලන් ඉන්නවා.

"අක්කෙ? මට කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ඇත්තමයි." මන් ලාවට ඔලුව වනලා යුන් ගෙ ඔලුව අතගෑවෙ ටිකක් සන්සුන් වෙන ගමන්.

ඒත් එක්කම රේ යුන් ට පොඩ්ඩක් ඉන්න කියලා මගේ අතින් ඇදගෙන මාව පැත්තකට ගෙනියන්න පටන් ගත්තා.

"මේ මොකද?" රේ මාව යුන් ලා ඉන්න තැනින් එහා පැත්තට වෙන්න තියෙන hallway එකකට ගෙනිහින් වටපිට බැලුවා.

"ඔයා මොනාහරි දන්නවා නේද මන් දන්නෙ නැති?" මන් ටක් ගාලා ඔලුව වැනුවෙ නෑ කියන්න වුනත් රේ ගෙ ඇස් දැක්කම මට තේරුනා එයා ඒක පිලිගත්තෙ නෑ කියලා.

"ඔහ් කම් ඕන් ලීස්, මට ඔයාව පොතක් වගේ කියවන්න පුලුවන්." මන් රේ ගෙ ඇස් දෙක නොබලා බිම බලා ගත්තෙ හිතා ගන්න බැරුව.

"මන් දන්නෙ නෑ රේ...මට ශුවර් කරන්නෙ නැතුව එහෙම කියන්න බෑ." රේ ඔලුව වනල ලොකු හුස්මක් අර ගත්තෙ මට දුක හිතෙද්දි.

MAFIA'S BABYGIRL ✔︎Where stories live. Discover now