⭐ CHAPTER 2⭐

1.1K 154 1
                                    

-'නෑ පුතේ අප්පට මම කිව්වම අද පුතා එනවා කියලා එයා ඔයා ආසම කෑම ගෙනත් දුන්නා ඒත් අද එයාට Night Duty. එයා ඉක්මනට එන්න බලන්නම් කිව්වා..අප්පට හරි සතුටුයි ඔයා එනවා කියලා දැන ගත්තම..'

-'මටත් හරි සතුටුයි ඔයාල බලන්න එන්න පුළුවන් වුණු එක ගැන..අප්පට කියන්න හදිස්සියක් නෑ කියලා පරිස්සමින් එන්න කියන්න..😊'

-'හරි පුතේ..එහෙනම් ඔයාම එයාට Call කරලා කියන්න ඔයා ආවා කියලා එයා ඒක  දැන ගත්තම ගොඩක් සතුටු වෙයි'

-'නෑ..නෑ..අම්මා කියන්න මම තාම ආවෙ නෑ කියලා අපි අප්පා ආවම අප්පව Surprise කරමු..එයාට ගොඩක් සතුටු හිතෙයි..😁'

-'ආ...ඒක හොඳ අදහසක්..😁මම අප්පට Call කරලා කෑම ලෑස්ති කරන්නම්කො..පුතා wash එකක් දාගෙන එන්නකො..මම පුතාට අලුත් T- shirt එකකුත් ගෙනාවා..ඒකත් ඇඳගෙන එන්නකො..'

-'අනේ අම්මා...කෝ අයියා නැද්ද??'

-'නෑ..පුතේ එයා අද යාළුවෙක්ව හම්බ වෙන්න ගියා Business වැඩකට..හෙට උදේම එයි..'

-'ආ...එහෙමද??ම්හ්...අයියට මේ දවස්වල කොහොමත් වැඩ වැඩි ඇති මේ Business Season එකනෙ..😁'

  කියමින් එයා උඩ තට්ටුවේ තියෙන එයාගෙ කාමරයට ගියා..ඒ කාමරය තාමත් එයා යද්දි තිබුණා වගේමයි..දුවිලි නම් නෑ..මොකද එයාගෙ අම්මා හැමදාම වගේ අස් කරන නිසා..එයා කාමරේ වටේ ඇවිදලා ඇඳේ දිගා වෙලා ලොකු හුස්මක් අරන් කල්පනා කළේ එයාගෙ ජීවිතේ ගැන..ඒත් දැන් ජීවිතේ ගැන කල්පනා කරනවට වඩා එයාට බඩගින්න දැනුණු නිසා එයා ඉක්මනට Wash එකක් දාලා කෑම කන්න ආවා..

-'ආ..පුතා..අප්පා ටිකකින් එනවා කිව්වා ඊට කලින් අපි ඔයා කාලා බීලා ලෑස්ති වෙන්නකො එයාව පුදුම කරන්න..ඔයාට ගොඩක් බඩගිනි පාටයි..මම අද Korean Foods විතරමයි හැදුවෙ,ඒවත් ඔයා ආසම ඒවා..❤'

-'ම්..අම්මා අප්පා තව ටිකකින් එනවනෙ අපි එතකොට අප්පත් එක්කම කමු..'

-'ඔයාට බඩගිනි නේද ඒ වුනාට??'

-'අවුලක් නෑ..අපි අප්පත් එක්කම කමු!!😁'

-'අනේ මගේ පුතා!!'
  කියමින් අම්මා එයාගෙ නළල අත ගාලා ආදරෙන් හාදුවක් දුන්නා..❤❤❤අප්පගෙ වාහනේ සද්දෙ ඇහුණු නිසා එයා ඉක්මනට හැංගුණා..අප්පා ගේ ඇතුලට එද්දි ම අප්පව බදාගෙන  එයාව පුදුම කළා..එයාව දැකපු සතුටට අප්පට කඳුළුත් ආවා..අප්පා එයාව තදින් වැළඳ ගත්තා..ඊට පස්සේ එයාල 3 දෙනාම එකට කෑම කෑවෙ ගොඩක් සතුටින් අයියත් හිටියනම් තවත් සතුටුයි!!😆

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now