⭐CHAPTER 03⭐

774 135 1
                                    

💫CHAPTER 03 : SUDDENLY💫

දවස් කිහිපයකට පසුව ⏳⌛

JK'S POV😎

-'ආයිෂ්... මොකද්ද මන්දා...'
කියමින් මම Phone එක cut කළා📱මගේ Mood එකත් upset වෙලා ගියා.. මගේ දිහා බලාගෙන හිටපු අම්මටත් තේරුණා මොකද්ද වෙන්න යන්නෙ කියලා. මම අම්මා දිහා බැලුවම අම්මා හිනාවෙලා ඔළුව වැනුවා..

-'අනේ අම්මා... මට සමාවෙන්න..😕'

-'ඒකට කමක් නෑ පුතා..'

-'අනේ අම්මා.. ඔයා අප්පට කියන්න හොඳේ, අප්පයි අයියයි මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ.. So Sorry අනේ..'

-'ඒකට කමක් නෑ.. මම එයාලට තේරුම් කරලා දෙන්නම්.. ඔයා යන්න නැත්නම් පරක්කු වෙයි..'

බඩු ටිකත් අරගෙන ඉක්මනට ලෑස්ති වෙලා මම අම්මව වැළඳ ගෙන අම්මට සමු දීලා ගෙදරින් එලියට බැස්සා.. මම ඉර දිහා බලලා හිනාවෙලා මගේ Bike එකට නැග්ගා.. sunglass එකයි, Helmet එකයි දාගෙන මම Bike එක Start කළා.

-'Back To Work!!!Let's Go!!'😎'
කියලා මම ගෙදරින් පිටත් වුණා.. අද මායි මගේ පවුලෙ අයයි හවස පොඩි Trip එකක් යන්න හිටියෙ.. Trip එකක් කිව්වට අපි හිටියෙ පොඩි Dinner-out එකකට යන්නයි, ඒත් මට හදිස්සියෙම ආපු call එක නිසා මට ආයෙත් යන්න වුණා.. ඔහොම තමයි මගේ රැකියා ආයතනය ඉතින්, හිටපු ගමන්මයි බාල්දි පෙරලගන්නෙ!! මේ පාර මොකක්ද දන්නේ නෑ.. හදිස්සියක් ඉක්මනට එන්න කියන එක විතරයි කිව්වෙ..😒

මම පැයක විතර ride එකකට පස්සෙ Agency එක ගාවින් මගේ Bike එක නවත්තලා කොණ්ඩේ පොඩ්ඩක් හදලා ඇතුළට ගියා.. මට Car එකක් ගන්න කියලා කොච්චර කිව්වත් මම Bike එකේ යනකොට තියෙන ඒ ගතිය Car එකක යද්දි දැනෙන්නේ නෑ කියලා ඒක මග අරිනවා.. ඒත් මේ වගේ වෙලාවල්වලදි Car එකක් තිබ්බ නම් හොඳයි කියලත් හිතෙනවා.. මොකද Car එකේ එන එක Bike එකේ එනවා වඩා පහසුයිනෙ.. මම කිහිප වතාවක්ම Car කිහිපයක් ගැන නිකමට හොයලා බැලුවා ඔච්චර කියන එකේ ඒත් ඉතින් මම තාම Car එකක් ගත්තෙ නම් නෑ..😅

කොහොමවුණත් මට මේ වෙලාවෙ තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමා මොකක්ද හදිසියේ අපිට එන්න කිව්ව හේතුව.. දවස් 15 නිවාඩුව දවස් 9 කට කෙටි කරපු ඒ කරදරකාර හේතුව මොකක් වෙන්න ඇතිද??😒 ආයෙත් අරයාගෙ විකාර වැඩක් ද දන්නේ නෑ.. අපේ නිවාඩුව ඉවර කරන්න ගහපු උප්පරවැට්ටියක් ද දන්නේ නෑ.. ඒත් එයා කැමතිනෙ අපි නෑවිත් ඉන්න එකට.. එහෙම නිසා එයාම අපිව ගෙන්නුවා වෙන්නත් බෑ.. අනේ මන්දා!! 😕

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now