⭐CHAPTER 12⭐

509 110 8
                                    

💫CHAPTER 12: THE BEGINNING OF THE END💫

එයාල Town එකට වෙලා පැය කීපයක්ම හිටියත් එයාලට කිසිම විදියක අමුත්තක් වෙනසක් දැනුණේ නම් නෑ.. ඒ වගේම එයාලට කිසිම අනතුරක්වත් වුණේ නෑ.. එන්න එන්නම එයාල බලාපොරොත්තුවෙන් හිටිය ඒ වෙලාව ළංවුණා.. තව හරියටම තියෙන්නේ විනාඩි විස්සක් වගේ කාලයක්.. එයාලට එන්න කිව්ව ඒ Address එක තිබුණු Building එක තිබුණේ පාළු පැත්තකට වෙන්නයි.. ඒ Hoseok, Jimin Taehyungට ඕන කරපු බෙහෙත හොයාගන්න ගිය පැත්ත.. ඒ Pharmacy එක තිබ්බ Building එක පහු කරද්දි එයාල දෙන්නා ඒ ගැන අනිත් අයට කිව්වත් එයාලට ටික වෙලාවක් නැවතිලා සෝදිසි කරන්නවත් විදියක් නෑ.. මොකද ඒ වගේ පොඩි දෙයකින් උනත් එයාලගේ ජීවිත අනතුරේ වැටෙන නිසා.. එයාල ඒ Building එක පහු කරනවත් එක්කම වගේ එයාලගේ ඉස්සරහට මනුස්සයෙක් වැටුණා.. ඒ මනුස්සයා මැරිලා.. එකපාරට එහෙම මළමිනියක් ඉස්සරහට වැටුණෙනම් හොඳකට නෙවෙයි කියලා එයාලට තේරුම් ගන්න ඒ හැටි අමාරු වුණේ නෑ.. ඒ මැරිලා හිටිය මනුස්සයා පහු කරගෙන යද්දියි Hoseok,Jimin අඳුනගත්තේ මේ ඉන්නේ එදා Pharmacy එකේ හිටිය මනුස්සයා කියලා.. ඒ දෙන්නා ඒ ගැන අනිත් අයට කිව්වත් එයාලට ඉස්සරහට යනවා මිසක් ආපහු හැරිලා ඇවිත් ඒ මනුස්සයාව පරීක්ෂා කරන්න විදියක් නෑ.. ඒ නිසා එයාල බොහොම කල්පනාකාරීව එයාලගේ Guns අරගෙන ඉස්සරහට ගියා.. කොයිවෙලාවක එයාලට අනතුරක් වුණත් ඒකට මූණදෙන්න බලාගෙනයි එයාල හිටියේ.. ඒත් එයාලට කිසිම විදියකින් එහෙම අනතුරක් සිද්ධ වුනේ නෑ.. එයාල ඒ Address එක තිබුණු Building එක හොයාගත්තා..

ඒ Building එකට තිබ්බේ ගරා වැටිච්ච පෙනුමක්.. ඒ වගේම ඒකෙ තට්ටු පහක් විතර තිබුණා.. ඒ Building එක භාගෙට වගෙයි හදලා තිබුණේ.. ඒ Building එක දිහා බලන ඕන කෙනෙක්ට මහ මූසල හැඟීමක් දැනෙනවා.. ඒ තරම්ම ඒක හරිම පාළු අද්භූත පෙනුමකින් යුක්තයි.. එයාල එකපාරටම ඇතුළට ගියේ නෑ.. හිමිහිට ගලක් වගේ දෙයක් අරගෙන විසි කරලා බැලුවේ මොන විදිහකින් හරි උගුලක් වගේ රටවල් තියෙයිදැයි කියලා දැනුණු සැකයටයි.. ඒත් එහෙම කිසි දෙයක් තිබුණේ නෑ.. ඒ හින්දා එයාල හිමිහිට ඇතුළු වුණා..

එයාල ඒ තට්ටු පහේ ගොඩනැගිල්ලේ තට්ටු දෙකක් විතර නැග්ගත් එයාලට කිසිම විදියකින් ප්‍රහාරයක් ආවේ නෑ.. ඒ නිසාම එයාලට මහ අමුතු හැඟීමක් දැනුණා.. ඒත් තුන්වෙනි තට්ටුවේදි එයාල බලාපොරොත්තු වුණු විදියට කවුරුහරි හැංගිලා ඉඳගෙන එයාලට වෙඩි තියන්න පටන් ගත්තා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now