⭐CHAPTER 9⭐

557 111 6
                                    

Jin- මේ අර කෙල්ල නේද??
එයා හිමිහිට එයාටම මුමුණ ගනිද්දි එයාගේ ළඟ හිටිය Jungkookට ඒක ලාවට වගේ ඇහුණා..

Jungkook- කවුද Hyung?ඔයා ඒ Girlව අඳුනනවද?

Jin- ඔව්.. එයාව මට පෙනුනේ නම් අර එදා අපිට කෑම එක දුන්නු ගෑණු ළමයා වගේ..

Jungkook- මොකක් එහෙනම් අපි ගිහින් බලමු..
කියලා Jungkook ඉස්සර වෙන්න හැදුවත් ඊට කලින් Jin එයාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවේ ඒ වෙලාවේ Party එකේ හිටිය ගොඩක් අයගේ ඇස් එයාලගේ දිහාවට යොමු වෙලා තිබ්බ නිසයි..

එයාල හිමිහිට Party එක ඇතුළට යද්දි එයාල දිහාවට යොමු වෙලා තිබ්බ ඇස් ටිකෙන් ටික එයාලගෙන් අහකට වෙලා ගියේ එයාලත් මේ Party එකේ අයමයි කියලා ඒ කට්ටියට ඇතිවුණු විශ්වාසය නිසා වෙන්න ඇති..

එයාල Party Hall එකේ එක කොනකට ගිහින් ඉන්න ගමන් එයාල මේ Party එකේ ඉඳන් ඉස්සරහට මොනවද කරන්න යන්නේ කියලා කතා වුණා..

Namjoon- අපි කට්ටිය වෙන වෙනම Party එකේ එහාට මෙහාට යන ගමන් කාටවත් සැක නොසිතෙන විදියට වටපිටාවේ ඉන්න අය ගැන සෙවිල්ලෙන් ඉමු..

Derek- හොඳයි..මේ වෝකි ටෝකි හැමෝම ළඟ තියාගන්න.. ඒකෙන් හදිස්සියක් වුණොත් අනිත් අයට කතා කරන්න වගේම ඔයාලට කතා කරන්න බැරි වෙලාවක නම් ඔය Red Button එක Press කරන්න.. එතකොට අනිත් අයට ඒ Signal එක ලැබෙනවා එතකොට අපේ වැඩ තවත් ලේසි වෙයි..

Alan- මටත් තියෙනවද?

Derek- ඔව් ඉතින් ඔයාව එක්කන් ආව එකේ ඔයාටත් එකක් දෙන්න වෙනවනේ.

Alan- ඒක හොඳ තීරණයක්!!කෝ මෙහාට දෙන්න..

Alan Derekගේ අතේ තිබ්බ වෝකි ටෝකි එක උදුරල ගත්තා.. ඊට පස්සෙ එයාල එක්කෙනා ගානේ කාටවත් සැක නොසිතෙන විදියට Party එක වටේ ඇවිදලා බලන්න ගියා..

JK POV 😎
මම Party Hall එකේ මැද හරියට වගේ වෙන්න වටපිට ගැන අවධානයෙන් බලාගෙන හිටියා.. Party Hall එකේ මැද Couple Dance එකක්.. හැමෝම මහ Boring විදියට නටනවා. අනේ මන්දා.. මම වටපිට බලද්දී දැක්කා එක Waiter කෙනෙක් හොරෙන් වගේ වටපිට බල බලා දොරක් ඇරගෙන ඇතුළට යනවා.. එයා හිටියේ Party Hall එකේ අයිනෙම තැනක.. මේ සෙනඟ මැද මට වේගයෙන් එතනට යන්නත් බෑ.. ඒ නිසා මම හිමිහිට හිමිහිට මම ඉන්න තැනින් ඒ දොර තිබුණු පැත්තට යන්න හදද්දිම කවුරුහරි මගේ අතින් ඇල්ලුවා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now