⭐CHAPTER 14⭐

508 107 7
                                    

- ආ.. මේවා කරලා බේරෙන්නද හිතුවේ?මම කොහොමත් ඔයාලගේ හැටි දන්නවනේ.. ඒ ටික කාලෙට මම ඔයාල ගැන දැනගත්තු දේවල් නිසයි මම ආපහු ආවේ.. මම දැනගත්තා ඔයාල පැන ගන්න මොනවාහරි උප්පරවැට්ටියක් දායි කියලා.. ඒවා කොහෙද මාත් එක්ක.. යමු..

ඇලන් Jinගේ දිහාවට එයාගේ Gun එක දික් කරලා කිව්වම Jin අත් දෙක උස්සලා එයාට යටත් වුණේ Jinට වෙන මොනවත් කරන්න බැරි නිසයි..

Jin ඇලන් එක්ක එළියට එන හැටි දැක්කම අනිත් අය පුදුම වුණා.. කෙටියෙන් කිව්වොත් Charlieගේ අයත් පුදුම වුණා.. ඇලන් Jinව අනිත් අය හිටිය තැනට එක්කගෙන ආවා. 

- තමුන්ලට නම් කිසි වැඩක් හරියට කරගන්න බෑ.. මේගොල්ලන්ට මෙච්චර ලේසියෙන් පැනලා යන්න දෙනවද??

ඇලන් කේන්තියෙන් වගේ කෑ ගහලා එතන හිටිය අනිත් මිනිස්සුන්ගෙන් ඇහුවම එයාල බිම බලාගත්තා..

- Sorry Madam.

- Sorry තමයි.. අපේ මාස ගානක මහන්සිය තව ටිකෙන් තමුන්ලගේ වැඩ නිසා වතුරේ යනවා..හොඳ වෙලාවට මෙයාලගේ උප්පරවැට්ටි ගැන මම දැනගෙන හිටියේ..

Yoongi- අපරාදේ.. අපිටත් තමුන්ගේ උප්පරවැට්ටි ගැන දැනගෙන ඉන්නයි තිබුණේ..
Yoongi හිමිහිට එයාටම මුමුණ ගත්තේ ඇලන්ටත් ඇහෙන නෑහෙන ගාණට.. ඇලන් ඒවා ගණන් ගත්තේ නෑ වගේ එයාගේ කතාව කියාගෙන ගියා..

- දැන් යනවලා.. මට තවදුරටත් තමුන්ලට මේගොල්ලන්ව බලාගන්න වැඩේ දෙන්න බෑ.. තමුන්ලා මෙයාලට අගේට පැනලා යන්න ඉඩ දෙයි.. මම මේගොල්ලන් ගැන බලාගන්නම්.. යනවලා ගිහින් Charlie Sirට උඩ තට්ටුවේ වැඩේට උදව් වෙනවා..

- මැඩම්.. මම මැඩම් එක්ක ඉන්නද??

- ඉන්නවා ඉතින්.. එහෙම ඉන්න ගමන් හරියට වැඩක් කරන හැටි මගෙන් බලාගෙනවත් ඉගෙන ගන්නවා..

ඇලන් එහෙම කිව්වම දෙන්නෙක් ඉඳලා අනිත් අය උඩට ගියා.. ඒ එක්කම ඇලන් ටික වෙලාවක් අර මිනිස්සු දෙන්නා දිහා බලාගෙන හිටියා.. ඊට පස්සේ එයාල දිහා බලලා හිනා වුනා.. ඒ එක්කම කොහෙන්දෝ ආපු වෙඩි පාරවල් දෙකක් එයාලට වැදුණා.. ඒ එක්කම ඒ මිනිස්සු දෙන්නා සිහි නැතිව වැටුණා..

කට්ටියම ඒ දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ..

- මොකද බලන් ඉන්නේ??ඉක්මනට යන්න.. පහළ තට්ටුවේ පඩිපෙළ ගාව මල්ලක ඔයාලගේ බඩු ඇති.. ඉක්මනට යන්න. අනිත් අය එන්න කලින්..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now