⭐CHAPTER 13⭐

500 109 10
                                    

- ඔ...ඔයා..
මම එහෙම කිව්වම එයා හිනා වුනා..

- ඔව් මම තමයි.. තමුන්ට පුදුම උවමනාවක්නේ තිබ්බේ මගේ මූණ බලන්න.. මම පෙන්නන්න නෙවෙයි හිටියේ.. ඒත් මට හිතුණා තමුන් මැරෙන්න කලින් අන්තිම වතාවට මාව දකින්න කැමති වෙයි කියලා..

- තමුන්ද මේ හැමදේම කළේ මිනිහෝ??

- ඔව් මම තමයි.. තමුන්ලගේ කරදරෙන් අදින් පස්සේ මම බේරෙනවා.. ඊට පස්සේ කවුරුත් කියන එකක් නෑ මම Kingsman Agency එකේ Head උනේ තමුන්ලා ඒක භාරගන්න බෑ කියපු නිසා
කියලා.. මොකද තමුන්ලා නැති වුණාම කොහොම වුණත් මටනේ ඒක ලැබෙන්නේ..

- තමුන් ඒකද අපෙන් පලි ගන්න හේතුව කරගත්තේ??

- ඔව්.. තමුන්ලට හිතාගන්නවත් බෑ තමුන්ලා Mission එකක් Successfully Complete කරලා එද්දි මට දැනෙන ඒ කේන්තිය.. තමුන්ලා එහෙම Missions Successfully Complete කරලා ආවට පස්සේ මුළු Kingsamn එකම තමුන්ලගේ ගුණ වයනවා.. මම මොනවා කළත් හැමෝම ගුණ වැයුවේ තමුන්ලගේ.. ඒ Kingsman Agency එකේ එකෙක්වත් මට ගෞරව කළේ නෑ..

- තමුන් හැමදාම කරලා තියෙන්නේ අපිට ඊරිසියා කර කර හිටිය එකද??තමුන් මුකුත් නොකර එකේ හිටිය මිනිස්සුන්ට බැන බැන හිටියම කවුරුත් කැමති නෑ තමයි.. තමුන් හැමදාම කළේ බොරුවට Agency එකේ මිනිස්සුන්ට බැනපු එකයි.. අපිටත් තමුන් බොරුවට කෑගහලා තියෙනවා ඕන තරම්.. ඒත් අපේ තියෙන මොකක්දෝ හොඳකට ඔහේව බේරගන්න අපේ ජීවිත අනතුරේ දාගත්තා.. ඒත් අන්තිමට තමුන් තමයි අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ??

- ඔව්.. මට තමුන්ලගේ කිසි වැදගත් කමක් නෑ.. අද තමුන්ලා මේ ලෝකෙන් සදහටම අයින් වෙලා යනවා..

- Charlie අපේ හිත්වල තමුන් ගැන ඉතිරි වෙලා තිබ්බ අන්තිම ගෞරවයත් තමුන් මේ වැඩේ කරලා නැති කරගත්තා..

- මගේ තමුන්ලගේ හිත්වල තිබ්බ ගෞරවයෙන් මට ඇති වැඩක් නෑ.. මට ඕනේ තමුන්ල මේ ලෝකෙන් අයින් වෙලා යන්නයි.. ඒ එක්කම මගේ ජීවිතෙනුත්.. එතකොටයි මට සැනසීමක් දැනෙන්නේ..

- ඒත්.. ඔහොම පොඩ්ඩක් ඉන්න.. එ... එ.. එතකොට මේවට?
මම එහෙම්මම Charlie දිහා බැලුවා.. එයා මගේ දිහා නෝංජල් හිනාවක් දැම්මා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Where stories live. Discover now