⭐CHAPTER 7⭐

574 114 0
                                    

💫CHAPTER 07 : WHAT'S UP💫

JIN POV😎

මමයි Namjoonයි,යුන්ගියි, Hoseokයි අපි හතර දෙනා තමයි එකට ගියේ.. අපි යන හරියේ හිටිය මිනිස්සු අපි දිහා හරි අමුතුවට බලාගෙන හිටියා.. මම වටපිට බලනකොට ඒ හරියේ තිබුණු එක කණුවක් ගාව හිටපු මනුස්සයෙක් මගේ දිහා බලලා අමුතු හිනාවක් දැම්මා.. අපි හතර දෙනා කොහොමහරි ඇවිදලා ඇවිදලා එක තැනකට ආවා.. එතන හිටිය මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් මගේ ඇඟේ හැප්පුණා මම සමාවෙන්න කියලා කිව්වත් ඒ මනුස්සයා මට ඔරවලා යන්න ගියා.. එයාගෙ අතේ තිබ්බ Tattoo එකට මගේ ඇහැ ගියේ ඉබේටම වගේ.. ඒක ඒ හැටි ලොකු Tattoo එකක් නොවුණත් මට ඒක කැපිලා පෙනුණා.. එතන හිටපු එක මැදි වයසේ වගේ ගෑනු කෙනෙක්ගෙන් අපි විස්තර ටිකක් අහලා අද රෑට ඉන්න පුළුවන් විදියෙ Hotel එකක් ගැන අහගත්තා.. එයාගෙ දුව කියලා එතන හිටපු එක ගෑණු ළමයෙක් අපිට කොරියන් කෑම වගයක් දුන්නා.. අපි ඒවා නොකෑවත් අපි ඒ කෑම ටික ගත්තා. මොකද එයාගෙ අම්මා අපිට උදව් කරපු නිසා.. අපි ඒ කෑමත් අරගෙන එතනින් යද්දි ඒ ගෑණු ළමයා අපිට අත වැනුවා.. එයා Korean කෙනෙක්.. අපි කොහොමහරි ඒ Hotel එකට ඇවිත් කාමරයක් ගත්තා.. ඒත් එතන Manager අපිට ටික වෙලාවක් Reception එකේ ඉන්න කිව්වා කාමරයේ පහසුකම් ඔක්කොම හොඳට තියෙනවද කියලා පරීක්ෂා කරනකන්.. අපි එහෙම්මම එතනට වෙලා ඉන්න ගමන් කතා වුණේ අනිත් අය මොනවා කරගෙන ඇත්ද කියලයි. අපිට එයාලට කතා කරන්න ඕනෙ වුණත් අපිට ඒක කරන්න නම් කාමරය ඇතුළට යනකන් ඉන්න වෙනවා.. මොකද බාහිර අයට අපේ Call එකක්වත් අහගෙන ඉන්න අපිට ඉඩ දෙන්න බෑ..

YOONGI POV😎

අපි එතනට වෙලා ඉද්දියි මම දැක්කෙ එළියේ ඉඳන් ඇතුළට ආව තුන්දෙනාව.. එයාලත් අපිව දැකලා පුදුම වෙලා ඉන්නවා.. ඔව් අපේ JKයි, Taehyungනුයි,  ජිමිනායි තමයි ඒ හිටියේ.. එයාල අපිව දැක්කට අපි දෙගොල්ලොම හිටියේ එකිනෙකාව අඳුනන්නෙ නැති විදියට.. එයාලත් ඇවිත් Hotel එකේ Room එකක් ගන්න ඇහුවා.. ඒ Hotel එකේ එක Room එකක් හරියට නිකන් පුංචි ගෙයක් වගේ.. ඉඩකඩත් හොඳට තියෙනවා.. ඒත් Manager කිව්වා එයාලට ගන්න Room එකක් නෑ කියලා මොකද හෙට රෑට තියෙන සාදයකට එන අය ගොඩක් මේ Hotel එකේ Rooms අරගෙන නිසා ඉතුරු වෙලා තියෙන්නෙ එක Room එකක් විතරයි කියලා.. ඒත් ඒ Managerට එයාලගේ Hotel එකට ආපු අයව ආපහු හරවලා යවන්නත් හිත දුන්නෙ නැති නිසා, එයාලගෙන් මොනවදෝ ගිහින් ඇහුවම එයාල අපිව පෙන්නලා මොනවදෝ කිව්වා..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang