⭐CHAPTER 8⭐

594 109 9
                                    

ඒ ලියුමේ ලියලා තිබුණු දේවල් එයාලා කියෙව්වා,ඒකෙ තිබුණේ මේ වගේ දෙයක්..

'ආදරණීය KINGSMAN කොල්ලනේ,

කොහොමද ඔයාලට?තාම ඔයාලගේ ලොක්කා ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා නේ.. මම හිතන්නෙ ඔයාල ගොඩක් අවුලෙන් නේද ඇත්තේ??ඇයි ඔයාලට පොඩි හරි තොරතුරක් දැනගන්න හිටිය අය ඔක්කොම මැරුණනේ.. අර කෙල්ල එහෙම.. කොහොම නමුත් ඔයාල ඔච්චර දුක් විඳිනවා මට බලාගෙන ඉන්න බෑ.. ඒ හින්දා මේ කරදර හැම දේම අමතක වෙන්නත් එක්ක හෙට රෑට ඔයාල ඉන්න ඔය Hotel එකේ තියෙන Party එකට එන්න.. මම ඔයාලට VIP Pass එවලයි තියෙන්නේ ඒවා පාවිච්චි කරලා ගිහින් හොඳට විනෝද වෙන්නකො.. ඔයාලගේ දක්ෂතාවය එක්ක අපි ඉක්මනට හමුවෙයි.. එතකම් පරිස්සමින් ජීවත් වෙලා ඉන්න.. ඔයාල මැරුණොත් මේ Game එකේ තියෙන ජොලිය නැතිවෙන නිසා.. කොහොමහරි පරිස්සම් වෙන්න.. මම කැමතියි ඔයාල එක්ක ආව අර කෙල්ලත් එනවනම්.. එයයි ඔයාලගේ අර Computer Hacking මල්ලිවත් එක්කන් එන්නකෝ.. මම බලාගෙන ඉන්නවා ඔයාල මගේ ගාවට එනකම්..

මීට ආදරණීය...........................'

Jin - මෙයා හිතන් ඉන්නේ අපි කවුරු කියලද දන්නේ නෑ..

Namjoon- අපිට හෙට රෑට තියෙන ඒ Party එකට යන්න වෙනවා.. ඒ කෙනාව අපිට එහෙදි සමහරවිට හම්බ වෙන්නත් ලැබෙයි.. නැත්නම් අපිට Charlie ගැන මොනවාහරි දෙයක් දැනගන්නවත් පුළුවන් වෙයි..

Yoongi- කොහොමඋනත් එක දෙයක් පැහැදිලියි.. අපි ගැන හොඳට ඒ කෙනා දන්නවා.. අපේ ගතිගුණ,හැඩරුව විතරක් නෙවෙයි අපි දැන් යන එන තැන් කතා කරන දේවල් ඒ හැමදේම ගැන ඒ කෙනාට හොඳ අවබෝධයක් තියෙනවා කියන එක නම් පැහැදිලියි.. එයා අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ..

Namjoon- අපි මීට කලිනුත් භයානක අපරාධකාරයෝ එක්ක ඕන තරම් හැප්පිලා තියෙනවා ඒ හින්දා අපිට මේකත් කරන්න පුළුවන්!!!

Jimin- අනිවාර්යයෙන්ම!!!

Jungkook- අපි දැන්ම මේ දේවල් ගැන අනිත් අයට කියන්න ඕනේ.. අපි දැන්ම යන්න ඕනේ..

Taehyung- ඔව්.. ඒත් ඒ කෙනා අපි දිහා ඇහැගහගෙන ඉන්න නිසා.. අපි දැන්ම යන එක හොඳ නෑ..

Namjoon- ඔව්.. අන්න ඒක නිසයි අපි මෙහාට ආව විදියටම හෙට උදේට වෙන් වෙන්ව ගිහින් පොඩ්ඩක් රවුම් ගහලා නගරයෙන් එළියේ තියෙන අපේ Plane එකට යන්න ඕනේ.. ඊට පස්සේ අපි මේ දේවල් ගැන එයාලට කියමු..

⭐ SEVEN KINGSMAN ⭐(Completed)Место, где живут истории. Откройте их для себя