Chapter 7

2.5K 384 90
                                    

එ් වෙනකොටත් මුළු ගේම කනපිට පෙරලල තිබුනෙ. හැමතැනම බඩු පෙරලලා දාලා. වීදුරු කුඩු කරලා. කාමරවල දොරවල් අැරලා දාලා. එ් වගේම ලේ විලක ඉන්න බලු පැටියා සූබින්ගෙ උකුලෙ ඔළුව තියාගෙන පන අදිනවා. කෙල්ලත් හොදටම අැඬුවෙ බල්ලවත් බදා ගෙන.

"අනේ පැටියො....ඔයාට කවුද මෙහෙම කරේ අා....😭😭😭😭 අනේ ඔයාට මුකුත් වෙන්නෑ. මන් ඔයත් එක්කම ඉන්නවා.😭😭😭😭"

කෙල්ල අැඩුවෙ තාමත් වුන දේ හිතාගන්න බැරුව කොල්ලො දෙන්නෙක් කෙල්ල දිහා බලන් ඉදිද්දි. හේසොන් එ් වෙනකොටත් හිටියෙ හොදටම බය වෙලා.

"අනේ හේසොන් ලූනව බේරල දෙන්නකො......අනේ මට එයාව ඕනා.."

කෙල්ල කිව්වෙ බලු පැටියගෙ ඔළුව අතගාන ගමන්. ලූනා කෙල්ල දිහා බලාගෙන හිටියෙ ගොඩක් දුකින්. අැස් අග පිරිල තිබුන කඳුළු පහලට කඩාගෙන වැටුනෙ කෙල්ලගෙ කඳුළු තවත් අළුත් කරන ගමන්. හේසොන් අැවිත් කෙල්ලව සනසන්න හැඳුවත් එයින් කිසිම වැඩක් වුනේ නෑ. කොල්ලො දෙන්නත් ගෙදර හැටි දැකල පුදුම වුනත් කවුරු හරි ගෙදරට අැවිල්ලා මේ වගේ විනාශයක් කරල තියෙන බවනම් තේරුනා. එ් වගේම මෙතන තවදුරටත් රැදෙන එක අනතුරුදායක බවත් දෙන්නටම හොදටම තේරුනා.

ලූනා කෙල්ලගෙ උකුල උඩ ඔළුව තියන් හිටියෙ හරිම වේදනාවෙන්. ටික වෙලාවක් කෙල්ල දිහා ගොඩක් දුකින් බලන් හිටිය බළු පැටියා සදහටම අැස් දෙක පියාගත්තෙ සූබින් වේදනාවෙන් කෑගහල අඩද්දි.

ජිමින් ඉක්මනටම පොලීසියට කෝල් කලේ මෙතන තවදුරටත් හිටියොත් තව අනතුරක්  වෙන්න පුළුවන් කියන සැකෙත් එක්ක. මේවෙලාවෙ කට්ටියම සූබින්ට අඩන්න දීලා බලන් හිටියෙ පොලීසියත් ඉක්මනට එයි කියන බලාපොරොත්තුවත් හිතේ තියාගෙන. හේසොන් සූබින්ව තමන්ට තුරුල් කර ගත්තා.

"හේසොන් කවුද මේ වගේ දෙයක් කරන්න අැත්තෙ" ජිමින් අැහුවෙ බයවෙලා ඉන්න කෙල්ලගෙන්.

"අනේ මං දන්නෑ ඔප්පා"😢

"මේ වගේ තිරිසන් වැඩක් කරන්න ඉන්නෙ මොකාද?😣 මොනව වුනත් ඔය දෙන්නට දැන් මේ ගෙදර ඉන්න බෑ. හේසොනා...ඔයා ගිහින් සූබින්ගෙයි ඔයාගෙයි ඕනම බඩු ටික විතරක් අරන් එන්න. ඉන්න, තනියෙන් අැතුලට යන්නෙපා. මාත් එන්නම්. ජංකුක් එතකන් ඔයා සූබින් එක්ක මෙතන ඉන්න. "

You're only Mine [COMPLETED]Where stories live. Discover now