Chapter 15

2.3K 341 74
                                    

මින්හො අෑතට යනකන් හිරකරන් හිටපු කඳුළු ටේගෙ අැස්වලින් නවතින්නැතුවම කඩාගෙන වැටෙනවා. කොල්ලා gate එකෙන් එළියෙ ඉන්නව කියලවත් ගානක් නැතුව බිමට පාත්වෙලා අැඬුවා. එ්ත් හිතේ තියෙන වේදනාව මින්හො ඉදිරියෙම කඳුළු වුනානම්, මින්හො ටේ දෙන්න තමන්ගෙ අැත්තම හැඟීම් එකිනෙකාට පෙන්නුවනම් ගොඩක් දේවල් මීට වඩා වෙනස්වෙන්න තිබුනා. කඳුළු හිරකරගෙන දෙතැනකට වෙලා දුක් විදින්නැතිවෙන්න තිබුනා. දෙෙවය මීට වඩා කුරිරු සෙල්ලමක් පටන් ගන්න යනවා කියල එයාල දැනගෙන හිටියනම් එ් දේවල් නවත්තන්න එයාලා එකතු වෙන්න තිබුනා.

   හැමදේම අහගෙන අඬපු අනිත් කොල්ලත් ටේ ගාවට අැවිත් කොල්ලව නැගිට්ටුවෙ ටේවත් වාරු කරගෙන ගේ අැතුලට යන ගමන්. ගේ අැතුලට අාව ගමන් ටේ කවදාවත් නැතුව අනිත් කොල්ලව බදා ගත්තෙ එ් වේදනාව දරාගන්න තරම් ශක්තියක් කොල්ලට නොතිබුන නිසා.

"ජිමිනා උබ ඔක්කොම අහන්ද හිටියෙ? කොහොමද?? කොහොමද ජිමින් එහෙම වෙන්නෙ. princess ට එච්චර ලොකු වේදනාවක් දීලා මන් කොහොමද හැමෝම එක්ක සතුටින් හිටියෙ."

"තමන්ව පාලනය කරගන්න ටේ. දන්නවද සූබින්.... එයා කවදාවත් ඔයත් එක්ක තරහවෙන්නෑ. මන් දන්නවනෙ princess මටයි මින්හොටයි දෙන්නටම වඩා අාදරේ කලේ උබට. "

"මට බෑ ජිමින්. මට තවත් දරා ගන්න බෑ. දන්නවද මෙතන ගොඩක් වේදනයි....ගොඩක් වේදනයි." කොල්ල අඬ අඬ කතා කලේ තමන්ගෙ පපුවට ගහගන්න ගමන් ගොඩක් ලොකු වේදනාවකින්.

"මේ අහපන් ටේ..අපි princessව බලල එමුකො හරිද?"

"බෑ ජිමින් බෑ. මට අාපහු එයා ඉස්සරහට යන්න බෑ. මගෙ princess මන් නිසා ගොඩක් විදවල. මන් කොහොමද එච්චර වේදනාවක් දීලා අාපහු මගෙ චූටි නංගි ගාවට යන්නෙ."

කොහොමහරි කොල්ලගෙ හිත පොඩ්ඩක් හරි හදන්න ජිමින්ට පුළුවන් වුනා. එ්ත් ටේ තමන්ගෙ කාමරේට ගියෙ ටිකක් තනියෙන් ඉන්න ඕනා කියල. ටික වෙලාවකට පස්සෙ ජංකුක් වගේම අනිත් කට්ටියත් අාවා. උදේම ජංකුක්, යූන්ගි, ජිමින් තුන්දෙනාම ගියෙ ඉස්කෝලෙ ෆුට් බෝල් ප්‍රැක්ටිස් තිබුන නිසා. ටේ ගෙදර නැවතුනේ කොල්ලට අද ටිකක් මහන්සි කියලා. නම්ජුන්, හෝසොක් ජින් තුන්දෙනත් ප්‍රිෆෙක්ට්ස් වැඩ වගේකට ගියා. එතකොට ජීවූ, හයිමි ඩබලත් පොත් වගයක් මාරු කරන්න library එකට ගියා. ජිමින් ප්‍රැක්ටිස් ඉවර වෙලා අනිත් අයට කලින් එතනින් අාව නිසා කොල්ලට ටේගෙයි මින්හොගෙයි කතාව අැහුණා. මින්හොගෙ කටින් අහන්න හිතපුවත් නැති වචන ටිකක් පිටවෙනකොට කොල්ලටත් හිතාගන්න බැරි වුනා. ජිමින්, ටේ, මින්හො, හයිමි වගේම සූබින් පොඩි කාලෙ ඉදන් හිටියෙ එකට. මොකද කට්ටියම එක පවුලෙ සහෝදරයන්ගෙ ළමයි.  කට්ටියම එක වයසෙ වුනාට පොඩි වයස් පරතරයක් තිබුනා. එ්ත් හැමදේම හිතාගන්න බැරි විදියට වෙනස් වෙලා කට්ටියටම වෙන් වෙන්න වුනා. ටේ ජිමින්, හයිමි තුන්දෙනාම සෝල් අාවා. එ් මීට අවුරුදු හයකට විතර කලින්. එදා සෝල් අාව පොඩි කොල්ලො දෙන්නටයි කෙල්ලටයි තවත් යාළුවො හතර දෙනෙක් හම්බවුනා. එ් යාළුකම අදටත් කැඩෙන්නැතුව මේ දක්වා පැවතුනේ කට්ටියව එක පවුලක් කරන ගමන්. Jeon family එකට park family එකයි kim family එකයි එක්ක තිබුනෙත් ගොඩක් ලොකු බැඳීමක්. ජංකුක්, ජන්ග්හියුන්, ටේ වගේම  ජිමිනුත් පොඩි කාලෙ ඉදන්ම හොඳ යාළුවො. එ් වගේම පවුල් තුනේම දෙමව්පියො හොඳ business partnersල. මින්හොයි සූබින්ටයි පස්සෙ කොල්ලො දෙන්නයි කෙල්ලයි හොදටම ළඟින් හිටියෙ ජංකුක් එක්ක. තුන් දෙනා අතර තිබ්බෙ ලොකු සහෝදර බැඳීමක්. එ්ත් දෙෙවය කුරිරු වෙලා හැමදේම කනපිට හැරෙව්වෙ මිත්‍රත්වය ශක්තිමත් වෙලා පවුලක බැඳීම දුර්වල කරල.

You're only Mine [COMPLETED]Where stories live. Discover now