Chapter 10

2.5K 360 185
                                    


අැයි අප්පා ජංකුක් එහෙම හැසිරුනේ. වෙලාවකට එයාව තේරුම්ගන්න ගොඩක් අමාරුයි. එයා මං ගැන හිතනවවත්ද? නැත්තම් මට අනුකම්පා කරනවද? අාහ් මට මේ මොනව වෙලාද? ජංකුකා ඔයාට කීයටවත් කැමති වෙන්නෑ සූබින්...දැංවත් ඔය හීන ලෝකෙන් එලියට එනවා. අනික මට කැමති වෙන්න මං ගාව මොනවද තියෙන්නෙ. අනික මේ අද ඊයෙ මුනගැහුන කෙනෙක් ගැන මොකටද මන් ඔච්චර හිතන්නෙ. බැල්කනිය ලඟ හිටගෙන පිටත බලාගෙන ඉන්න කෙල්ල තමන්ගෙ හිතත් එක්ක වෙනම යුද්ධෙක. හේසොන් අැරුනකොට මෙච්චරකල් තමන්ගාව හිටිය කට්ටිය කෙල්ලව අාශ්‍රය කරේ වාසියට විතරයි. පොඩිකාලෙ අම්මගෙ තාත්තගෙ උණුහුමවත් හරි හැටි විඳින්න බැරි වුන එ් පොඩි කෙල්ලට මෙච්චර කාලෙකට තමන්ගෙ කියල කවුද හිටියෙ. කෙල්ලගෙ එකම සහෝදරයටවත් කෙල්ල ළඟින් ඉන්න විදියක් නෑ. හේසොන් අැරුනම කිසි කෙනෙක් මේ වන කන් කෙල්ල ලඟින් ඉඳල නෑ. එ්ත් දැන් ජීවිතේට අළුත් පවුලක් එකතුවෙලා. තමන් ගැන හොයල බලන්න, කරදරේකදි ළඟින් ඉන්න දැන් සහෝදරයො හතක්ම කෙල්ලගෙ life එකට අැවිල්ලා. එ් වගේම අද දවසෙම කෙල්ල හිතුවෙ ඉස්කෝලෙදි වුන සිද්ධිය.

few hours ago...at the school

"ජංකුක් මගෙ අත....අාහ්...රිදෙනව අනේ අතඅරින්නකො.." සූබින් කෑගැහුවෙ කොල්ලගෙ ග්‍රහනෙන් ගැලවෙන්න. එ් තරමටම කොල්ල අත තද කරල අල්ලගෙන තිබුන නිසා.

"අතඅරින්න?? හහ් !! තමුසෙට දැන්ද කට තියෙන්න අාහ්...අර වෙලාවෙ දෝයොන් බනිනකොට ඔහොම බනින්න තිබ්බනෙ. අැයි තමුසෙගෙ කට තියෙන්නෙ මගෙ ඉස්සරහ ඉන්නකොට විතරද?"

You're only Mine [COMPLETED]Where stories live. Discover now