The End

2.9K 422 359
                                    

Till you give your words,
I'll wait
💜💜💜

"යා..... ජේ.....කේ....." කෙල්ල washroom එකේ ඉදන්ම කෑගැහුවෙ දැන් ටිකකට කලින් වෙච්ච දේ මතක්වෙලා. කොල්ලගෙ කෝට් එකත් අැඟ වැහෙන්න දාගත්තෙ කෙල්ලගෙ අැඳුම තෙත් වෙලා විනිවිද පෙනුන නිසා.

Subin's p.o.v

"අාහ් මේ කුක්කානම්....ඔප්පල කිව්වෙනම් ජංකුක් ගොඩක් වෙනස්වෙලා කියලා. පුහ් මගුල තමයි. මේකා ඉස්සර වගේම තාමත් මාව අවුස්සනවා....අැයි ජංකුක් මාත් එක්ක එ් විදියට හැසිරුනේ...එතකොට එයා මාව අමතක කරලා නැද්ද...අායිෂ් මගෙ ඔළුවත් විකාර වෙලා." ඔහොම හිත හිත මන් ගියෙ කලින් අපි වාඩි වෙලා හිටපු තැනට. මන් ගිය ගමන් ටේ ඔප්පනම් ප්‍රශ්ණ ගොඩක් අැහුවා.

"princess මොකෝ පරක්කු??"

"වයින් ටික යවාගන්න වෙලාගියා ඔප්පා.."

"එ්කනෙමෙයි සූබින්.....ඔය කෝට් එක කාගෙද? "

එ් ප්‍රශ්ණෙ මගෙ ඔප්පගෙන්. දැන් දීපන්කො ඉතින් උත්තර. පුදුමයි ඔය ප්‍රශ්ණෙ යූන්ගි ඔප්පා අැහුවෙ නෑ. ඔව් ඉතින් එයා කොහෙ අහන්නද එයා මින් සඳා ඔන්නිත් එක්ක ලොකු කතාවක්. මොනවද ඔප්පේ ඔයා ඔච්චර ඔයාගෙ girl friend එක්ක කතාකරන්නෙ.😌 මගෙ ඔප්පා අහපු ප්‍රශ්ණෙට උත්තර දෙන්න යනකොටම එතනට අාවෙ ජංකුක්. මුකුත් දන්නෑ වගේ අැවිත් වාඩිවුන ලස්සන විතරක්.

"එ් කුකියා...කෝ උබේ කෝට් එක? " මන් හිතුවා හරි...ඔය සුගා ඔප්පා අැහුවෙ හොඳ ප්‍රශ්ණයක්. 😁 නියමයි ඔප්පේ...

යූන්ගිට හැමෝම සුගා කියලත් කතා කලා. කොල්ලට එ් නම වැටුනෙ එයාගෙ පෙම්වතිය මින් සඳාගෙන්. මින් සඳා ඔන්නි  Coffee shop එකක එ් කාලෙ පාට් ටයිම් වැඩ කරලා තිබුනා. යූන්ගි එ් shop එකට නිතරම යන්න පුරුදු වෙලා තිබුනා. කොල්ලට එදා coffee ගෙනිහින් දීලා තිබුනෙ මින් සඳා. එ් වෙලාවෙ කොල්ලගෙ coffee එකේ සීනි අඩුවෙලා කොල්ලා මින් සඳා හොදටම බැනලා තිබුනා. ඊට පස්සෙ ඉඳන් කොල්ලට sugar කියලා තමයි මින් සඳා කතා කරලා තියෙන්නෙ. මොකද මුලින්ම නම දන්නෙත් නෑනෙ. පහුවෙනකොට අාදරේ වැඩි කමට වචනෙ අකුරු හැලිලා. 😂😂 sugar suga වෙලා. කාලෙ ගෙවෙනකොට දෙන්නා සෙට් වෙලා. ඕක තමයි අපේ යූන්ගි ඔප්පගෙයි මින් සඳා ඔන්නිගෙයි suga love story එක.

You're only Mine [COMPLETED]Where stories live. Discover now