•Day 1•

1.4K 207 39
                                    

ආදරණීය වැස්ස,

ඔහොම දිගටම ඇදහැලෙන්න..
හෙමීට හරි කමක් නෑ..
ඒත් දිගටම ඉන්න...

ම්ම්ම්ම්..
මන් දැන් ඉන්නෙ ඔයා දිහා බලාගෙන..

එයත් ඉන්නෙ ඔයා දිහා බලාගෙනද..

මන් ඉක්මනට එනවා..

මන් දන්නව දැන් පරක්කුයි කියලා..

ඒත් මන් එනවා..

ඔයාට පොරොන්දු වුනා වගේම මන් එනවා..

_I'm trying to
remember you
and let you go
at the same time_

----------------------------------------------------------------------------------

"සෙනූ.. ඔයා හොඳින් නේද?"

තමන් පිලිබඳ වදවෙන කටහඬ,ඇගේ දැහැන බිඳ දැම්මා..

කුලී රියේ ජනේලයට හේත්තු වූ තම හිස මඳක් එසවූ ඇගේ, කටහඬ අවදි වූවේ බොහෝ වෙලාවකට පසුයි.

"ඔව්.. හොඳින්.." ඒ කෙනා වෙනුවෙන් ඇගේ මූනේ ඇඳුනෙ හිනාවක්.

"ඇයි ඔහොම ඉන්නේ? මොකක්හරි ප්‍රශ්නයක්ද?මොනාද කුරුටු ගාන්නේ? සාමාන්‍යෙන් එහෙම කරන්නෙ ඔයා දුකින් ඉන්නකොට.." තාමත් ඒ කටහඬ තමන් ගැන වද වෙන බව ඇයට දැනුනා.

"දුකක් නෙවේ.. මේක විශේෂ දවසක්.ඒකයි..
ඒ වගේම අද ඉඳන් මන් හැමදාම මේක ලියනවා..
මට අමතක වුනොත් මතක් කරන්න..
හරිද..
හරි..දැන් මට පොඩ්ඩක් නිදාගන්න දෙන්න.." පොත බෑගයට දැමූ ඇයගේ හිස හේත්තු වූයේ එහාපසින් සිටින්නාගෙ උරසෙහියි.

ඒ දෑත් තමා වටේ එතෙමින් තමාව තුරුල් කරගන්නා බව ඇයට දැනුනා..

ගුවන් තොටුපල දක්වා ඇගේ නින්ද දැන් සුරක්ශිතයි..



|| To My Rain || KNJ | ✔Where stories live. Discover now