•Day 13•

315 132 29
                                    

"ඔයා හොඳින් වගේ පේන්නෑ.."

නළලත අත ගාමින් සිටි ඈ හඬ ආ දෙසට ඇස් යොමු කලා.

වැඩට පැමිණි නමුත් ඇගෙ සිතේ වූ දහසක් කරදරකාරී සිතුවිලි නිසා ඈ සිත් තැවුලෙන්.
පෙරදින අවන්හලේදි ඈ තනිවූ ආකාරය මෙන්ම ඈ ඇති කරගත් රණ්ඩුව නිසා ඈ සිටියෙ හොඳ තත්වයක නොවේ. ඒනිසාම ඈ විවේකයට මඳකට පෙර ඇගෙ සුපුරුදු ස්ථානයට පැමිණියා.

ඈ එනවිට එතැන හිස්ව තිබුනත් ඔහුගෙ කටහඬ නිසා දැන් ඈ තවදුරටත් තනි නොවූ බව ඈට දැනුනා.

"ම්ම්.. ඔව්.ඔලුව ටිකක් රිදෙනවා." ඈ ඔහු දෙස බලමින් පැවසුවා.

"එහෙනම් මේ අයිස් ඇමරිකානෝ එකත් මටම බොන්න වෙයි නේද?" ඔහුගෙ සරදම් ස්වරය නිසා ඇගෙ මුහුණේ සිනහවක් ඇඳුනා.

එහෙත් ඔහු ඇය ඉදිරියෙන් කෝපි කෝප්පය තබා ඇයට එය ලබාගන්නට හිසින් සන් කලේ යන්තමින් සිනහවෙමිනුයි.

"මේ දවස් වල ටිකක් පායන්න පටන් අරන්." ඇය ඇමරිකානෝ එක තොල ගාන අතරෙ මිමිනුවේ වීදුරු කවුලුවෙන් එලියේ පෙනෙන සෞම්‍ය කාලගුණය දෙස නෙත් යොමාගෙනයි.

වැස්ස නොමැති වීමේ යම් හිස් තැනක් තිබුනද ඔහු එහාපස සිටින විටදී ඇයට එය නොහැඟෙන බව ඇයට දැනුනා.
ඔහු ඒ හිස් තැන පිරවූවා.
ඔහු ඇගෙ වර්ෂාව වූවා..

"ඔව්.කොහෙ හරි ඇවිදින්න යන්න හොඳ දවස් ටිකක් ඉස්සරහට එයි." ඔහු පැවසුවා.

ඇය කිසිවක් නොපවසා හිස සැලුවා.

'ඇවිදින්න..' ඈ කල්පනා කලා.

ඈ සංචාරය ප්‍රිය කලා.
එහෙත් තනිවම නොවේ.
දැන් දැන් ඇයට තනිකම තදින්ම දැනීම ඈ අප්‍රිය කලා.
ඉතින් සති අන්තයේ තනිවම කොහේ හෝ යාමට වඩා කාමරයට වී චිත්‍රපටයක් නැරඹීම හෝ පවුලේ අය හා කතා කිරීම හෝ ඇයව මඳක් හෝ සතුටු කලා.

එහෙත් කලාතුරකින් සියල්ලෙන්ම මිදී කනෙහි පටලාගත් ඉයර් ෆෝන් එකේ සංගීතයට සවන් දෙමින් අසල වූ උද්‍යානයේ ඇවිදීමද ඈව සතුටු නොකලා නොවේ.

"ඔයා ඇවිදින්න ගියේ නැත්ද කොහෙවත්?!" ඔහු හදිසියේ නැගූ ප්‍රශ්නයෙන් ඈ දැහැනෙන් මිදුනා.

|| To My Rain || KNJ | ✔Opowieści tętniące życiem. Odkryj je teraz