•Day 10•

339 135 40
                                    

එක අතකින් දොර විවෘත කරගෙන සිටින පුද්ගලයා ඇය දෙස බලා සිටියා.

ඈ ඔහුගේ දෑස් කියවීමට උත්සහ කලා.
අනුකම්පාවක්?
දුකක්?
ඇගේ බොඳ වූ දෑස් මෙන්ම නොසන්සුන් වූ සිතද ඇයව ඔහුගේ දෑස් කියවීමෙන් වැලැක්වූවා.

"ඇතුලට එන්නැත්ද?"ඔහුගේ හඬ ඇසුවා.

"ඒත්.. මන්..ම්..මන්.."දොරගුලු ලෑමේ හේතුව ඈ බව සිහි කරද්දි සිත රිදුනු ඈ තවමත් බිමට නැවීගෙන සිටීමට තීරණේ කලා.

"එන්න.."ඔහුගෙ කටහඬ කාරුණික වුනා.

ඈ කාරුණිකත්වය ප්‍රිය කලා.

වෙනකක් තබා ඇයට දැන් අවශ්‍ය වූයේත් කාරුණිකත්වයයි.

ඉතින් ඈ සෙමෙන් කෙලින් වුනා.ඔහු විවෘතව තබා ගත් දොරෙන් ඇතුල් වූ ඇය තව අඩියක්වත් ඇතුලට නොතබන්නට වග බලා ගත්තා.
ඈට අවශ්‍ය වුනේ නෑ ඔහුගෙ හිතට වැරදි ප්‍රතිරූපයක් ගෙන ඒමට..

"ගිහින් ඉඳගමු." ඔහු ඇයව පහු කරන අතරෙ පිළිතුරු දුන්නා.

නිහඬයි..
ඇගේ හදවතේ ගැස්ම හැරෙන්නට මුළු පරිසරයේම තිබුනෙ නිහඬබවක්.

ඇයට කතා කිරීමට අවශ්‍ය වුනා.

නමුත්……
මොනා කතා කරන්නද? කෙසේ කතා කරන්නද? ඔහු හා ඇගේ දුක කීමේ අරුතක් තිබේද? ඔහුට ඇගෙ දුක ඇසීමට තරම් කාලයක් වැය කල හැකිද? ඇගේ දුක ඔහුට කීමට තරම් ඔහුව ඇය අඳුරනවද?

ඔව්..
ඇය ඔහුව අඳුරනවා. කැමරාව ඉදිරියේ සිටි ඒ මිනිසාව ඇය හඳුනනවා.
නමුත්..
ඇත්තම පුද්ගලයාව ඇය හඳුනන්නෑ..

ඉතින් ඇය දිගටම නිහඬ වුනා.

"අද වහින්නෑ වගෙයි." ටික වෙලාවකින් ඔහු නිහඬතාවය බින්ඳා.

ඒත් තවමත් ඔවුන් ඉදිරිය බලාගෙන.

"සමහරවිට..ඒත් මේ කාලෙදි වැස්ස ඒ තරම් නපුරු වෙන්නෑ.."ඇය පිළිතුරු දුන්නා.

"එහෙම හිතනවද?"ඔහු ඇහුවා.

"නොහිතන්න හේතුවක් නෑනේ."

නැවතත් නිහඬතාවයක්.
ඇය නිහඬතාවයට අකමැති වුනා.
ඒත්..
ඔවුන් ආගන්තුකයි..
ඒ නිසා නිහඬතාවය කිරුළු පැළඳීම පුදුමයක් වුනේ නෑ.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now