•Day 11•

346 133 55
                                    

කොෆී කප් දෙක රඳවා තිබූ රඳවනය අතැතිව ඇය දොර තල්ලු කරමින් ඇතුලට පැමිණියෙ සිනහවක් සමඟයි.

ඔහු සුපුරුදු පරිදිම ඔහුගෙ දෑස් පොතක රඳවාගෙන සිටියා.

ඈ දෙස හිඳගත් පසු ඈ දෙස බැලූ ඔහු කුඩා හිනාවක් සමඟ ඇයට ආචාර කලා.

"ඔයා හුඟ දවසකින්.." ඔහුගෙ කටහඬ පැවසුවා.

පහුගිය දින දෙක තුනම රාජකාරි නිසා ඈ හිටියෙ ඇගේ කැබින් කාමරය තුලටම කොටුවෙලයි. ඉතින් නැවතත් සුපුරුදු වැස්ස ඇදවැටෙන්නට පටන් ගත් අද වැනි දිනක උණු කෝපි එකක් සමඟ ඇගෙ ප්‍රියතම ස්ථානය බලා ඈ ඇවිද ආවේ ඒ නිසයි.

ඈට වර්ෂාව නොමැතිව පාලුවක් දැනුනා.
ඇය ඇගෙ සිතට එලෙස පැවසුවා.

එහෙත් ඇගේ සිත ප්‍රශ්න කලා."වර්ෂාවද?ඔහුද?"

ඔහු දැකීමේ ආශාවත් ඇගෙ සිතට වද දුන් බව ඈ හොඳින්ම දැන සිටියා.
එහෙත් ඇයි?
ඔහුද වර්ෂාව මෙන්ම ඈට වටින පුද්ගලයෙකු වීම එයට හේතු වන්නට ඇතැයි ඈ සිතුවා.

"ඔව්.. වැඩ නිසා මට වෙලාවක් හම්බුනේ නෑ."

ඇය කෝපි කප් එකක් රැගෙන ඔහුට දීමට සැරසුනත් ඔහු ඉදිරිපස මේසයේ ඇති බාගයක් හිස් වූ කෝප්පය ඈව නැවැත්තුවා.

'එයා මොනාහරි බොනගමන් ඉඳලා තියෙන්නෙ.ඒ කියන්නෙ මේක ගන්න එකක් නෑ. කොහොමත් මන් දුන්න කියලා බොන එකකුත් නෑ. මාත් මෝඩයිනෙ.' ඈ සිතින් තමාටම දොස් නැගුවා.

"ඕක ගෙනාවේ මට දෙන්න නෙවෙයිද?" ඔහුගෙ කටහඬ ඈව පියවි ලෝකෙට ගෙන ආවා.

ඈ ඔහු දෙස බලන විට ඒ කලුවන් දෙනෙත් ඈ දෙස බලා සිටියා.

"ම්ම්..ඕ..ඔව්..ඒත්..ඔයා දැනටමත්.."ඇය කරුනු දැක්වුවා.

"මොනාද ඔය?"

"Vanila Latte"

"ම්ම්..රහ බැලුවා කියලා වරදක් වෙන්නෑනේ" ඔහු ඇගෙ අතින් කෝපි කප් එක අරගෙන එය හෙමි හෙමින් තොල ගෑවා.

ඇගෙ මුහුණ කුඩා සිනහවකින් සැරසුනා.

තමා දුන් කෝපි කෝප්පය ඔහු භාරගැනීමට තරම් නිහතමානී වීම ගැන ඈ සතුටු වුනා.

ඔහුගෙ මූණ දෙස බලා සිටි ඈ කල්පනාවක නිමග්න වුනා.

කාලෙකට ඉහත ඩිජිටල් තිර වලින් දුටු ඔහුගේ පරිපූර්ණ වූ කිසිදු පැල්ලමක් නොවූ මුහුණ ගැන ඈ කල්පනා කලා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now