•Day 20•

426 132 68
                                    

ඊලඟ දිනයේ ඇය රැකියාවට ගියේ මුවඟේ වූ සිනහවක් සමඟයි.හෙට දිනය පිළිබඳව ඇගේ සිතෙහි ගොඩනැගෙන බලාපොරොත්තු ඈව සතුටින් පිරවූවා.

එහෙත් තම අංශයට පාතැබූ ඇයට ඒ සතුට පවත්වාගත හැකිවූයේ සුළු මොහොතකට පමණයි.

සේවකයාගෙ දැනුම් දීම මත ඇය සිය ප්‍රධානියාගේ කැබින් කාමරයට පිවිසියා.

"සර්.."දොරට තට්ටු කර කාමරය තුලට පිවිසි ඇය යම් චකිතයකින් විමසුවා.

ඇය වරදක් කර නොමැති බව ඇය දැනසිටියා.එහෙත් ප්‍රධානියා මෙලෙස ඈව කැඳවීම ඇගේ සිතෙහි යම් කැළඹීමක් ඇති කලා.

"ඉඳගන්න මිස් සෙනූ" ඇගේ ප්‍රධානියා වෙනදා නොමැති සන්සුන් බවකින් ඈට මේසය ඉදිරිපිට වූ අසුනක් පෙන්වූවා.

පෙර තිබු චකිතය කෙමෙන් වැඩි වන අතරම ඈ පෙන්වූ ආසනයේ අසුන් ගත්තා.

මිනිසුන් පරණ පුරුදු ස්භාවයෙන් මිදී වෙනස්ම වූ පුද්ගලයන් ලෙස හැසිරීම ඈ කවදාත් ප්‍රිය කලේ නෑ.එය මේ අවස්ථාවේ මෙන්ම සෑම විටම ඈට අනාරක්ෂිත හැඟීම් ගොන්නක් ගෙන ආවා.

"මිස් සෙනූ, ඔයා දන්නවනේ ඔයාගෙ තනතුර ස්ථාවර කරන එක ගැන."

ඔව්, ඇය දැන සිටියා.ඇගෙ පුහුණු කාලය වූ තෙමස දැන් ඉක්මෙන්නට නියමිතව තිබූ නිසා තව ඉදිරියට සේවය කිරීමට ඈ ආයතනයේ ස්ථාවර සේවකයෙකු ලෙස බඳවා ගත යුතු වූවා.

"ඔව් සර්.."ඈ පිළිතුරු දුන්නා.

"ඒත්..."ඇගෙ ප්‍රධානියාගේ ස්වරය නිසා ඈ තිගැස්මකට ලක් වුනා.

"මට ඔයාගෙ තනතුර ස්ථාවර කරන එක අනුමත කරන්න බෑ."

ආසනය මත හිඳගෙන නොසිටියානම් ඈ මේ මොහොතේ බිම ඇදවැටෙනු නොඅනුමානයි.

ඒ වදන් ඇගේ හද ගැස්ම මොහොතකට අඩාල කරදමන්නට හා ඇගේ සිතුවිලි වල සුළිකුණාටු ඇතිකරවීමට සමත් වුනා.

තම තනතුර ස්ථාවර කිරීම අනුමත කල යුත්තේ තම ප්‍රධානියා බව ඈ දැන සිටියා.

පුහුණු කාලය තුල ඕනෑම සේවකයෙකු ඉවත් කල හැකි බවද ඈ දැනසිටියා.‍

යම් යම් අතපසුවීම් සිදු වුවද කිසිවකුගේ උපකාර නොමැතිව ඇය යම් යම් බැරෑරුම් රාජකාරීන් පවා තනිව සිදු කල බව ඈ දැනසිටියා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now