•Day 12•

303 133 8
                                    

"මැඩම්.."
පරිගණකය දෙස බලමින් සිටි ඈ මොහොතකට ඉන් ඇගෙ දෑස් ඉවත් කර කැබින් එක තුලට පැමිණි සහයකයා දෙසට තම දෑස් යොමු කලා.

"මේක මැඩම්ට දෙන්න කිවුවා.." පැවසූ සේවකයා ඇගෙ මේසය උඩින් තැබූ කෝපි කෝප්පය දෙස බැලූ ඈ මොහොතක් කල්පනා කලා.

'නෑ.. මන් කෝපි එකක් ගෙන්නන්න කිවුවෙ නෑනෙ'

කෝපි කෝප්පය අතට ගත් ඈ නැවත සේවයකයාට අඬගසන්නට තැනුවත් එහි දවටනයේ ලියා තිබූ වචන නිසා ඈ මොහොතකට නැවතුනා.

'To Miss Senu
From Rain'

"Rain?!" ඈ මිමිනුවා...

වර්ෂාව...

ඔහු...

ඈ සිනහසුනා.

ඔව්..
ඔහුත් වර්ෂාවක්..
ඇගෙ කටුක කාන්තාරය විටෙක සෙමෙන් ස්පර්ශ කල ඔහුත් වර්ෂාවක්..
ඇගේ ක්ෂේම භූමිය ඔහු නොවූවත් විටෙක සිත සැනසූ ඔහුත් වර්ෂාවක්..
ඇගෙ ජීවිතයෙ යම් විනාඩි ගණනක් අමතක නොවෙන මොහොතවල් බවට පත් කල ඔහුත් වර්ෂාවක්..

මේ මොහොතේත් පීඩා විඳිමින් සිටි ඈට, ඔහු වර්ෂාවක්..

මොහොතකට තම කටයුතු නතර කල ඈ කෝපී කෝප්පය තොල ගාන්නට පටන් ගත්තා.

ඈ කල්පනා කලා..
ඇත්තෙන්ම මෙහි පැමිණීමේ අරමුණ කුමක්ද?
තමා දන්නා හඳුනන ප්‍රදේශය අතහැර තාමට ලැබුනු අනෙක් සියලු අවස්ථා අතහැර මෙහි පැමිණීමේ අරමුණ කුමක්ද?
නොදන්නා ප්‍රදේශයක නොදන්නා මිනිසුන් අතර තනිවම විඳවීමේ අරමුණ කුමක්ද?
ඈ ආදරය කල සියල්ලන්ගෙන්ම ඈත්ව මෙහි වැඩ කිරීමේ අරමුණ කුමක්ද?

ඒ ඔහු නොවේද?
ඔව්..
ඒ ඔහුයි..
ඔහුව මොහොතකට හෝ දැකීමයි..
එයයි ඇයව මෙහි ගෙනාවේ.
එයින් කිසිදු දෙයක් වෙනස් නොවූවත් ඇගේ බොළඳ සිහිනයන් වල ජීවත් වීමට ඈට අවශ්‍ය වුනා.

එහෙත් ඈ ඈවම මුලා කරගත්තා.
ඇගේ සැබෑ අරමුණ සිත අනේක වාරයක් විමසන විට ඈ ඈවම මුලා කරගත්තා.
ඈ පැවසුවෙ ඒ ඇයගෙ අත්දැකීම් වැඩි කරගැනීමට අවශ්‍ය වූ නිසා බවයි, ඒ ඇයට තනිවම සමාජයට මුහුණ දීමට ශක්තිය අවශ්‍ය වූ නිසා බවයි.

එහෙත් යම් යම් දේ සිදුවෙමින් පැවතියා.
ඈ නොදැනුවත්වම ඈ හෙමින් හෙමින් ශක්තිමත් වන්නට අත්පොත් තැබුවා.
දැනටත් ගෙවෙන දවසක් පාසා ඈ තනිවම නැගී සිටීමට උත්සහ දරමින් සිටියා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now