•Day 4•

521 165 29
                                    

ආදරණීය වැස්ස,

සති ගානකින් නේද මන් ආවෙ..
ම්ම්ම්.. හරියටම සති තුනකින් විතර..

මන් ඕනෙකමින් ඔයාව මගෑරියේ නෑ..
ඒත් හිතනවට වඩා මෙතන වැඩකටයුතු බරපතලයි..
පොඩි වැරැද්දකින් වුනත් ගොඩක් බරපතල දෙයක් වෙනවා..
ඒ වගේම ස්ටාෆ් එක..
හොඳ අයත් නැත්තෙම නෑ...
ඒත් තාමත් ලඟින්ම ආශ්‍රේ කරන්න පුලුවන් කෙනෙක් හම්බුනේ නෑ..

එයා හැමදාම වගේ කෝල් කරනවා..
ඒ මොනා වුනත් පාලුව දැනෙන එක නතර කරන්න බෑ..

පාලුයි කියලා එයාව බලෙන් නතර කරගෙන ඉන්න බෑනේ..

හෙට ලොකු මීටින් එකක් තියෙයි..

ඒ නිසා මට යන්න වෙනවා..

_I miss you_

-----------------------------------------------------------------------------------

ඇය පොත පසෙකින් තැබුවේ අකමැත්තෙන්...

ලොකු හුස්මකින් පෙනහලු පුරවාගත් ඈ පොරෝනය තුල වුවද දැනෙන සීතලේ ගුලිවී අතීතය ගැන සිතා බලන්නට වූවා...

මේ ගමන් මගේ ආරම්භයේ සිට ඇය වෙනස් කෙනෙකු වුනා..
මවු රට හැරදා යන්නට තීරණේ කල දිනේ පටන් ඈ වෙනස් කෙනෙකු වුනා..

සම්මතයන් මතම තැවි තැවී ඉන්නට කැමති නොවූ ඈ, බොහෝ දෑස් වලට වෙනස්ම පුද්ගලයෙකු වුනා..

එහෙත් හීන වලින් පිරුනු ඇගේ හිත, සාමාන්‍ය හීන දකින්නෙකුගෙන් වෙනස් ලෙස ඈට නොදැනුන තරම්..

සියල්ල පසෙකලා ඇය හීන පසුපස ඇවිද්දා..

ඒ මහන්සිය නිසාම ඒ හීන එකින් එක ඇය ඉදිරියේ සැබෑවක් වුනා..

සියල්ලක්ම පහසු නොවුනත් ඇය හෙමින් හෙමින් හීන වලට ලඟා වුනා..

එහෙත් කාලයක් තිස්සෙ හිතේ කොනක යදම්ලා තිබූ ඇගේ මේ හීනය හැබෑ වූයේ ඈටත් සිතා ගත නොහැකි ලෙසයි..

ලෝකයේ වඩාත් සුප්‍රසිද්ධ එම සමාගමට තම සේවය ලබා දීමේ ඇගේ ළදරු බොලඳ සිහිනය සැබෑ වීම ගැන මීට සති ගනණකට පෙර ඈ සිටියෙ සතුටින්...

ඒත් දැන්..

හීන පසුපස දුව ආවත් ඇගේ හිතේ තිබුනේ තනිකමක්..

කොහෙන්දෝ ඇවිත් ඈ කනස්සලු කරන්නට තනන තනිකමක්..

දවසින් දවස ගෙවෙද්දී ඒ තනිකම වැඩි වූවා මිස අඩුවීමක් දකින්නට වූයේ නැති තරම්..

ඔව්..

ඇය තනිකමෙන්..

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now