•Day 8•

369 142 34
                                    

ආදරණීය වැස්ස,

මගෙ හදවත අද තප්පර ගාණකට නැවතුනා.

ඒ එයා වෙන්නැති නේද..

ඔව්..
අවුරුදු ගාණක් ගියත් ඒ කටහඬ අමතක වෙන්නෑ මට.
ඒ එයාම තමා.

_Every time I see you
I die a little more_

_____________________________________________________

දවස් ගණනාවකින් පොත අතට ගත් ඇය එහි කුරුටු ගෑමෙන් අනතුරුව පොත පසෙකින් තබා ඇගේ දවස ගැන කල්පනා කලා..
______________________

ඇය පිළිබඳ නැවත වරක් විශ්වාසය තැබූ ඇගේ ප්‍රධානියා ඇයට මෙවරත් වගකීම් රැසකින් යුත් කාර්යක් භාරදුන්නා.

ඉතින් දැන් ඇගේ ඉදිරි සති ගණනම ඒ වෙනුවෙන් කැප වුනා.

එහෙත් එහි යම් පැරණි සේවකයින් ඇයට එරෙහිව සිදු කරන යම් යම් ප්‍රයෝග නිසා ඇය බොහෝ සේ අපහසුතා වලට මුහුණ දුන්නා. එමෙන්ම ඈ දුක් වුනා.

එහෙත් ඇයට එය අ‍ත් හැර දැමිය නොහැකියි.
ඇගේ ප්‍රධානියාගෙ විශ්වාසය මෙන්ම ඈට ඇගේම ආත්ම විශ්වාසය වැදගත් වුනා.

යම් භාරදූර රාජකාරියක් තනිවම හැසිරවිය හැකි බවට ඇගේ ප්‍රධානියාට ඔප්පු කිරීමට පෙර, ඇය එය ඇයටම ඔප්පු කර පෙන්විය යුතු වුනා.

එලෙසයි ඈ ටිකෙන් ටික අහිමි වීමට යන ඈවම නැවතත් ශක්තිමත්ව ගොඩ නැගීමට උත්සහ දරන්නේ..

එහෙත්...
සියල්ලක්ම පහසු වුනේ නෑ..

ලෝකයා සියල්ලක්ම පහසු කලේ නෑ..

යම් ශක්තියක් ගොඩ නඟා ගැනීමට ඇය ඒ තරම්ම ශක්තියක් කැපකල යුතු වුනා..

ඒ වේදනාවන් හරහා ඇය ගමන් කල යුතු වුනා.

එලෙසටයි ඈ ශක්තිමත් වෙන්නේ..
එලෙසටයි ඇයට තනිවම ශක්තිමත් විය හැක්කේ..
එලෙසටයි ඇය ඇගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගත යුත්තේ..

එහෙත්..
කියන තරමට සියල්ලක්ම පහසු වුනේ නෑ.

ඒ නිසාම විවේක වෙලාවේදි ඇයගේ පාද ඇයව යම් තැනක් දක්වා මෙහෙයුවා.

ඇයව මෙහෙයුවෙ..
ඒ ඇගේ පාදයන්මද..

ඇගේ පාද මෙහෙයුවේ ඇගේ සිතයි...

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now