•Day 9•

342 138 16
                                    

"මොකක්??!!" ඇය ගැස්සුනා.

"සමාවෙන්න මැඩම්" ඇගේ සහයකයාගෙ සිහින් හඬ ඇයට ඇසුනා.

"ඒත්... ඒත්..."ඇය ඇය ඉදිරියේ වූ කොල කැබලි දෙස බැලුවා.

ඇය දින ගණනක් මහන්සි වී තැනූ ලේඛන සියල්ල සේවකයා විසින් වැරදීමකින් පරණ කොළ කැබලි සමඟ කොළ ඉරා දමන මැශින් එකට යොදා තිබුනා.

දැන් ඇය ඉදිරියෙ ඇත්තෙ තීරු වූ කඩදාසි ගොඩක්..

ඒත්..
ඇය අනිද්දා වන විට මේ සියල්ලම භාර දිය යුතු වුනා...

බොහෝ ලේඛන පරිගණකගතව ඇති නිසා නැවත මුද්‍රණය කරගත හැකි වුනත් ඇය අතින් සටහන් කල කොළද ඒ අතර වුනා.

'එයාලා මේ තරම් නොසැලකිලිමත්ද?
නෑ.. වෙන අයට කවදාක්වත් මෙහෙම දේවල් වෙන්නෑ..
ඇයි මටම??!! ඇයි දෙවියනේ!??' ඇය සිතින් ප්‍රශ්න කලා.

"හරි, මන් ප්‍රින්ට් කරන්න කොළ වගයක් දානවා. ඒ ටික අරන් එන්න." තම සහයකයාට පැවසූ ඇය නැවතත් තීරු වූ කොළ ගොඩදෙස බැලුවා.

'මන් දැන් මොකද කරන්නේ!?'

ඇය දිගින් දිගටම ප්‍රශ්න කලත් පිළිතුරු ලැබුනේ නෑ.

වීදුරු කැබින් එක නිසාවෙන් ඇයට පිටත දැකගත හැකි වුනා.

මේ තරම් රාජකාරි ප්‍රමාණයක් තිබියදී බොහො දෙනෙක්ගේ ආසන හිස් බව ඇය දුටුවා.

"ආහ් මැඩම් මෙන්න."ඇයගේ කැබින් එකට පැමිණි සහයකයා ඇයට ඇගේ අලුත් පිටපත් ලබාදුන්නා.

"ඇයි අද කට්ටිය අඩු.."ඇය විමසුවා.

"ආහ් ඊයේ යොන්සුගෙ උපන්දිනේනෙ.කට්ටිය එක්ක පාර්ටි දාපු නිසා ගොඩක් අමාරු ඇති අද කට්ටියට. මැනේජර් ලීත්...ම්ම්ම් මේ.." ඇයට නිරායාසයෙන් පිළිතුරු දුන් සේවකයා අවසානයේ ගොත ගැසුවේ ඔහු අනවශ්‍ය දෙයක් පැවසූ බවක් සිහි වීමෙන් මෙන් බව ඇයට තේරුනා.

"කමක් නෑ. ඔයා යන්න දැන්." ඇය මවාගත් සිනහවක් අතරින් පැවසුවා.

ඇයට ආචාර කල සේවකයා පිටවූ පසු ඇය ලොකු හුස්මක් ගත්තා.

එහෙත් ඇයට දැනුනෙ ඇගේ හුස්ම හිර වෙන අයුරුයි..
හදවතේ පතුලේ වූ සියුම් තැන් මේ සිදුවීම් නිසා පෑරෙන බව ඇයට තේරුනා..

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now