•Day 18•

303 134 41
                                    

ඔහු මෙන්ම ඈත් සිටියේ පෙර පුරුදු මෙන්ම අසුනෙහි එකිනෙකාට මඳක් ඈතින් හිඳගෙනයි.

වැස්සෙහි හුරුපුරුදු ශබ්දය හැරුනු කොට ඔවුන් දෙදෙනාගෙන් වදනක්වත් නොගිලිහුන තරම් වුවද ඇගේ සිතුවිලි වලට හඬ නැඟිය හැකිනම් මේ මොහොතේ මුළු කාමරයම එකම ඝෝෂාවක් වනු නිසැක විය.

මඳ වෙලාවක් ඇගේ සිත හා කල විවාද කිහිපයකට පසු නිහඬතාවය බිඳදැමීමට තීරණය කල ඈ දිගු සුසුමක් හෙලා ඔහු දෙස බලද්දී ඔහුත් ඉදිරිය බැලීම නතර කර තමා දෙස බලන ආකාරය ඈ දුටුවා.

"මට සමාවෙන්න."
දෙදෙනාම එකවර පැවසුවා.

තප්පර කිහිපයක් දෑස් විසල් කර බලා සිටි දෙදෙනාගෙම මුවේ මඳ සිනහවක් ඇඳීමට වැඩිවෙලාවක් ගත වුවේ නෑ.

"ඔයා සමාව ගන්න ඕන නෑ."
මඳ වෙලාවකට පසු දෙදෙනාම නැවත එකවර පැවසුවා.

මෙවරනම් දෙදෙනාගෙම මුහුණේ පෙරට වඩා වැඩි සිනහවක් ඇඳුනා.

"කාලෙකින් හිනාවුනාම ඒක කොච්චර හොඳ හැඟීමක්ද කියලා තේරෙනවා."සිනහවෙන්ම ඔහු එසේ මිමිණුවද එවදන් වලට මුසුව තිබූ වේදනාව ඇයට නොදැනුනා නොවේ.

"මන් ඇත්තටම කිවුවෙ නම්ජුන්ශි, ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕනෙ නෑ.මන් ඒ වෙලාවෙ ඒක දැනගෙන හිටියන....."

"ඔයා ඒක දැනන් හිටියත් නැතත් යාලුවෙක් විදිහට මට ඒ වෙලාවෙ එහෙම කෑගහන්නැතුව ඔයාට ඒ ගැන කියන්න තිබුනා.ඉතින් ඒ වැරැද්දට මන් සමාව ගන්නම ඕනෙ."ඈව නතර කල ඔහු එලෙස පැවසුවා.

'යාලුවෙක් විදිහට!!!!!'
ඇගෙ ඔලුව තුල දෝංකාර දුන්නෙ ඒ වදන් පෙල පමණයි.

එහි අදහස කුමක්ද?
ඇයට නිවැරදිව ඇසුනාද?
ඔහු ඇගෙ සිත සනසනවාද?
ඔහු ඈ වැන්නෙකු ඔහුගෙ මිතුරෙක් ලෙස සලකනවාද?

තමා දෙසට යොමුව තිබූ තද දුඹුරු දෙනෙත් වලින් නොමිදී ඈ දිගටම ඒ දෙස බලාසිටියෙ ඔහුගෙ වදන් තමාව ගොලු කර ඇති බව ඈට දැනෙද්දියි.

"කො..කොකෝවා එක අරන් ආව බොඩිගාර්ඩ් ඔයාගෙ කෙනෙක් නේද?" අවසානයේ ඈ තතනමින් කොහෙදෝ යන ප්‍රශ්නයක් ඇදබෑවා.

ඇගෙ කලබලකාරී ගතිය හා නොගැලපෙන හදිසි ප්‍රශ්නය නිසා ඔහුගේ මුවින් නැවතත් සිනහවක් නික්මෙන අයුරු දුටු ඈට ඈටම ටොක්කක් අනින්නට සිතුනා.

|| To My Rain || KNJ | ✔Waar verhalen tot leven komen. Ontdek het nu