•Day 14•

300 132 31
                                    

"මෙහෙම ගියොත් මේක පුරුද්දකට යයි.." ඈ සිනහ වෙමින් ඔහු එහා පසින් මංපෙතෙහි ඇවිදින්නට පටන් ගත්තා.

"මන් හැමවෙලේම ඔයාගෙ ඩ්‍රින්ක් එක ගේන එකද.." ඔහුත් ඈ හා සිනහ වෙමින් පියවර තැබුවා.

'ඩ්‍රින්ක් එක?! ම්ම්ම්.. එහෙම කියමු..' ඈ කල්පනා කලා.

ඇත්තෙන්ම ඔහු ඈට විවිධ වර්ගයේ පානයන් දැන් කිහිප වතාවක්ම ලබා දී ඇති බව ඈට සිහිවුනා.

සීතල වැස්සක උනුසුම් කෝපී පානයක් මෙන්ම උනුසුම් දිනක සීතල කොකෝවා පානයක් මෙන් ඔහු ඈ ළඟ සිටීම ඈට සතුටක් ගෙනාවා.
ඔහු ඇගේ පිපාසය සන්සිඳවූවා.
ඔහු ඇගේ තනිකම නැමති පිපාසය සන්සිඳවූවා..

ඔහුව පුරුද්දක් වීම ගැන ඈ බිය වුනා.
තනිකම සිඳින සුපුරුදු පානය ඔහු වීම ගැන ඈ බිය වීමට හේතුන් ගණනාවක් තිබුනද ඔහු , ඔහු වීමම ඇයට බියක් ගෙනාවා.
ඔහු කවුද? ඈ කවුද?
ඉතින් ඇය බියවීම සාමාන්‍ය නොවේද?

එහෙත් තනිකම ඈට පමණක් දැනෙන්නක්ද..
ඔහු මෙලෙස තමා අසලින් ඇවිද යාමට හේතුවත්, තමාවත් පෙලන තනිකම වන්නට බැරිද..
නෑ.. ඇය පිළිතුරු දැන සිටියේ නෑ..

"සෙනූ.."

ඔහුගෙ කටහඬින් ගැස්සුන ඈ ඔහු දෙසට දෑස් යොමු කලා.

ඔහුගෙ තියුනු දෑස් ඈ දැනටමත් දෙසට යොමු වී තිබුනා.

"කියන්න නම්ජූන්ශි.."

"කල්පනා කරලා බැලුවම ඔයා මන් ගැන තරම් සාමාන්‍ය දේවල්වත් මම ඔයා ගැන දන්නෙ නෑනේ. ඒක අසාධාරණ නැත්ද?"

ඈ සිනහසුනා.
ඉතින් ඈ ඇවිද යන අතර ඇගෙ තොරතුරු ඔහු හා බෙදාගත්තා.

ඇගෙ ජීවිතයෙ වූ යම් යම් සුවිශේෂයි කිවහැකි සිදුවීම් කිහිපයක් මෙන්ම ඔවුන්ගේ සංගීතය ඈව සැනසූ මොහොතවල් මෙන්ම ඈ දැඩි සේ දුක් වු මොහොතවල් ගැනද ඈ කතා කිරීමට පටන් ගත්තා.වයසින් යම් තරමක් මුහුකුරා යාම නිසාද ඇය ඉදිරියේ සිටින්නාගෙ පරිණත බාවයද සලකා ඈ යම්තරමක් ප්‍රවේශම් වීමට වග බලාගත්තා.

එහෙත් ඔහුත් ඈට යම් යම් සිදුවීම් පහදා දීම මෙන්ම ඈ ඔහු ගැන නොදැන සිටි යම් යම් කුඩා කරුණු ගැන පැවසීම ගැන ඈ සතුටු වුනා.ඈ මෙන්ම ඔහුත් ඔවුන්ගේ සංවාදය රස විඳින බව තේරුම් ගැනීමට ඇයට එය ප්‍රමාණවත් වුනා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now