Episode 19 💜️

685 167 9
                                    


🌼 " ඒ ...... යූරා.. ඉතිං කියන්නකො ඔයාගෙ විස්තර.. ඇයි මේ හදිස්සියෙම මෙහෙ ආවෙ... ඒකත් තනියම.. 😕 "

අතීතයේ හිරවෙලා හිටපු මම එකපාරටම වර්තමානයට ආවෙ බෙකීගෙ කටහඩට..

🥀 " ඇත්තටම මම මෙහෙ ආවෙ කෙනෙක් හොයාගෙන "

🌺 " කෙනෙක් ... කවුද අප්පේ ඒ.. ? 😕 "

සියුමින් පුදුමෙන් වගේ ඇහුවෙ කවුද මං මෙහෙම හියාගෙන ආව කෙනා කියලා දැනගන්න තියන කුතුහලයට කියලා මට හොදටම තේරුනා..
ඒ වගේම මට මැවිලා පේනවා මම ඊළඟට කියන දේ ඇහුවම මේ ඩබල හැසිරෙන විඳිය... 😂😂😂

🥀 " ඇත්තටම මං මෙහෙ ආවෙ මගෙ ආදරේ හොයාගෙන .. මගෙ Boyfriend "

ඒක ඇහුන ගමන් දෙන්නම ඉදන් හිටපු තැන් වලින් නැගිට්ටෙ නිකන් අකුණුක් ගැහුව වගේ.. 
ඒ එක්කම දෙන්නම එකටම කෑ ගැහුවෙ මාවත් හිනස්සලා.. 😂😂😂

🌼🌺 " මොකාආආආආආක්.. ????"

🌺 " යූරා ...... ඔයා කිව්වෙ ඔයාට Boyfriend කෙනෙක් ඉන්නවා කියලද ?... ඇත්තටම මේ කියන්නෙ .. ආ. 😱😱😱 "

මට අමාරු උනත් මං හිනාව නවත්තලා කතාව පටන් ගත්තේ මේ ඩබල තව හිටියොත් ඇස් දෙක බිමට වැටෙයි කියලා හිතුන නිසා.. 
( හරියටම දෙන්නගෙ මූණු මේ වගේ.. 😱😱 )

🥀 " ඔව් අනේ ඇත්තම තමයි ... කලබල නැතුව ඉදගන්නකො විස්තරේ කියන්න ඉතිං ... 😂😂 "

බෙකී, සියුමින් දෙන්නා ඉදගත්තට පස්සෙ මං එයාලට සෝල් ගිය දවසෙ ඉදන් උන දේවලුත් ... යුන්ගි ඔප්පා එක්ක මගෙ සම්බන්දෙත් .. එයා එකපාරටම මාව දාලා මෙහෙට ආපු විදියත්.. එයාව හොයාගන්න ඕන විදියත් එයාලට කිව්වා...

මගේ කතාව ඇහුවට පස්සෙ මුලින්ම කතාකරන්න පටන් ගත්තෙ බෙකී.....

🌼 " හරි අපි ඔයාට උදව් කරන්නම්... ඔයාට පුළුවන් මෙහෙ ඉන්න එයාව හියාගන්නකම්.. "

🥀 " අනේ Thanks බෙකී.. 😘😘 ලොකු සහනයක් මට මේ වෙලාවෙ ඔයාලා දෙන්නා ඉන්න එක. .  "

🌺 " ඔයාගෙ ඔය සිහින කුමාරයගෙ නම යුන්ගි කියලා නේද කිව්වේ..  ? "

සියුමින් මගෙන් ඇහුවෙ බැරෑරුම් පෙනුමක් හදාගෙන..

🥀 " ඔව් ... මින් යුන්ගි .. "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now