Episode 20 💜️

718 173 15
                                    

මං පිටිපස්ස හැරිලා බලද්දි හිටියේ වෙන කවුරුත් නෙවෙයි... යුන්ගි ඔප්පා...
මට තේරෙන්නෙ නෑ යුන්ගි කියන්නද සුගා කියන්නද කියලා... මොකද දැං මේ ඉන්නෙ මගෙ යුන්ගිට හාත්පසින්ම වෙනස් කෙනෙක් කියලා තේරුම් ගත්තේ අඟල් දෙකක්වත් නැති ගවුම් කෑල්ලක් ඇදගත්ත කෙල්ලෙක් සුගාගෙ අතේ එල්ලිලා ඉන්නවා දැක්කාමයි..

මං ඇස්වලට පිරෙන කදුලු පාලනයකින් තොරව වැටෙද්දි මං Table එකෙන් නැගිටලා ඒ තැනට ගියේ ඇත්තටම මේ ඉන්නෙ මගෙ යුන්ගිද ඒම නැත්නම් වෙන කෙනෙක්ද කියලා හිතන ගමන් ....

ඉස්සර මං දනිස්සෙන් ටිකක් උඩට ඇන්දාම රවන කොල්ලා... කොටට ඇඳන් ඉන්න කෙල්ලෙක් දැක්කාම පිළිකුල් කරන කොල්ලා... වැඩිය කාවවත් ගණන් ගන්නෙ නැති මගේ අහංකාරයා ... දැං මේ කොහෙවත් යන ගෑණියක් අතේ එල්ලගෙන ඉන්නවා කියන එක මට විශ්වාස කරන්නම බැරි උනා.. 😟

ඇස් වලින් වැටෙන කදුලුත් පිහාගෙන මං ඒ දෙන්නා ඉන්න තැනට යනකන්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් මාව දැක්කෙ නෑ...
ඒත් මං ලගට යද්දි සුගා මං දිහේ ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉදලා..

🐱 " යූරා... 😲😲.. "

ඔව් ... ඔව් .. එයා මාව අදුනගත්තා... මේ ඉන්නෙ මගෙ යුන්ගි කියන්න මට තවත් සාක්ශි ඕන උනේ නෑ.. 😫😫

🐱 " යූරා.... ඔයා මොකද මෙහෙ කරන්නේ..   ???? ... "

අර කෙල්ලගෙ අත අතෑරපු යුන්ගි මං දිහේ බලන් හිටියෙ හරියට යකෙක් දැකලා වගේ...

මම දෙපාරක් නොහිත Hotel එකෙන් එළියට ගියේ .. එතන අපිට අමතරව තව මිනිස්සු හිටපු නිසා..
අර කෙල්ලත් ඩිම් වෙලා බලාගෙන හිටියා.. 😏

🐱 " යූරා...... මොනාද කරන්නේ..... ඇයි මෙහෙ ආවෙ.. ?"

මගේ දුක පරද්දලා තරහා එළියට ආවෙ මේකා මේ කතා කරන විදියට.. මේ මිනිහා කිසිම දෙයක් නොකියා මාව අතෑරලා ඇවිත්.. මෙහෙ ගෑණු එක්ක නටනවා.. මම අරෙහෙ දුක් විදින්ව.. 😫😫

🥀 " ඇයි ආවෙ කියල අහන්නෙ මොනාද... ආ... ඇයි හිතුවද මම කාත් එක්ක හරි හනිමූන් ආවා කියලා... කාලෙකට කලින් මාව කිසිම දෙයක් නොකියා දාලා ආපු යුන්ගි කියන කෙනාව හොයාගෙන මං ආවෙ...... මං හිතුවෙ නෑ එයා වෙන ගෑනු එක්ක නට නට ඇති කියලා... "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now