Episode 01

149 18 11
                                    

China වල ප්‍රසිද්ධම හෝටලයක් වුණ YingZang හොටෙල් එකේ 9th floor එකේ රූම් එකේ බැල්කනි එකට වෙලා රෑ අහස දිහා බලාගෙන රිෂ් හිටියෙ එයාගෙ අතීත ලෝකෙට ගිහින්.

"මමා ප්ලීස් කතා කරන්නකො. මට බයයි ....
ඩැඩී ඔයාවත් කතා කරන්නකො....."

"කියුටී ඉක්මනට එන්න... යන්... හැමතැනම ගිනි ගන්නවා... "

"දූ මමා හොඳි..න්... රිෂ් පුතා... ඉක්..මනට... මෙයාවත් එක්කගෙන මෙතනින්...යන්..න..."

ඒ එක්කම රිෂ් ඇයව අතින් ඇදගෙන දිව්වෙ එහා පැත්තෙ එළියෙ බෙන්ච් එක ළඟට...

"කියුටී... මේ අහන්නකො.. දැන් ඔයා අඬන්නෙ නැතුව ඉන්නකො.ඔයාගෙ මාමාටයි ඩැඩීටයි මොකුත්ම වෙන්නෑ..... කෝ දැන් මේ බලන්නකො මේක ඔයාළඟ තියනකන් ඔයාටවත් මොකුත්ම වෙන්නෙ නෑ..මං ඉක්මනට එනකන් ඔයා මෙතන මං ඉන්න...කියුටී ප්‍රොමිස් මං ඉක්මනට එනවා..."

රිෂ්ගෙ ගේ තැනින් තැනින් පැතිරිලා යන ගින්න අස්සෙන් ඈව එළියට එක්කගෙන ඇවිත් රිෂ්ගෙ කරේ තිබුණු පර්ල් වලින් කැටයම් කරලා තියන ගෝල්ඩ් පෙන්ඩන්ට් එක ඇයට දුන්නෙ ආයෙත් එනවමයි කියන පොරොන්දුව පිට.

"යාහ් රියෝ මොනවද ඩූඩ් වෙලා තියෙන්නේ.... ඔහොමත් බය කරනවද මනුස්සයෙක් ව... තව ටිකෙන් මට හාට් ඇටෑක් හැදෙනවා ඔහේගෙ වැඩ නිසා..."

වොෂ්රූම් එකෙන් එලියට ආව ගමන් රියෝ දැක්කෙ බැල්කනි එකට වෙලා අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන රිෂ්ව... රියෝ ට මේ දේ අරුමයක් නෙවෙයි.මොකද අවුරුදු දහය ක ඉදන් රිෂ් තනිවෙන වෙලාවක මෙහෙම ඉන්න බව කොල්ලා දන්න නිසා. ඒ නිසාමයි අතීතයෙන් එළියට ගන්න රියෝ හිමීට අඩිය තියලා පිටිපස්සෙන් ඇවිත් කෑගහලා රිෂ්ගෙ කරට අතදැම්මෙ.වෙනම ලෝකෙක හිටපු රිෂ් නං ඒ වැඩෙන් ගැස්සුණා.

"මාර බයවිල්ලක්නෙ ඒක... දැං උබට පේන්නෙ උබව  බයකරන්න මං මෙතන horror film  එකක් ෂූටින් කරනවා වගේද..."

"මොන පිස්සුද බං... උබව දැක්කම හොල්මනුත් බයවෙනවනෙ. මම ගැස්සුනේ මං වෙන කල්පනාවකට හිටිය හින්ද...

ROSE (on going)Where stories live. Discover now