Episode 13

24 3 1
                                    

Aoi හිටියෙ ඇත්තට ම පුදුමවීමකින්... මොකද හිතුවාටත් වඩා කලින්ම යුනි එකෙන් අයින් වෙන්න වුණ නිසා...

"ආහ්... මොනා වුණත් කලින්ම යන එක හොඳයි.මට එහෙ ගියාම මගෙ කෙල්ල ළඟින් ඉන්න පුළුවන් නෙ... කෝකටත් අයියට කෝල් එකක් ගන්නෝන මම එනවා කියලා කියන්න... "

එහෙම හිතනගමන් Aoi ෆෝන් එක අතට ගත්තා...

*********

"රිෂ් අපි ලියා එක්ක කතා කරන්නෙ නැද්ද දැං..."

දැන් විනාඩි විස්සක ඉඳන් කෝල් එකේ ඉන්න රිෂ් හ්ම් කියනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කතාකළේ නෑ. බැරිම තැන රියෝ රිෂ්ගෙන් එහෙම ඇහුවෙ ඒ දේත් අනිවාර්යෙන්ම වෙන්න ඕන නිසා. මොකද හැම සැකයක්ම තවම නැති වෙලා නෑ.

ඇත්තටම කොල්ලා තාම ශොක් වෙලයි ඉන්නෙ.මෙචච්ර කාලයක් නොහිටපු එයාගෙ කියුටි දැං එයාගෙ ඉස්සරහට ම ඇවිත්. ඒත් ඇයි... ඒ ඔක්කොමත් හරි කෙල්ලට කොල්ලව මතක නැත්තෙ ඇයි... මේ හැම ප්‍රශ්නයක්ම රිෂ්ගෙ ඔළුවෙ කැරකෙනවා.ඒත් රිෂ් දන්නවනම් ලියාගෙ අතීතය කොහොම සිද්ධ වුණාද කියලා කීයටවත් මෙහෙම හැසිරෙන්නේ නැතිවෙන්න තිබුණා.

"කතා කරමු රියෝ... එයාගෙන් මේ ගැන අහන්නම ඕන. ඒත් කොහොමද...?"

"හරි හෙට ලියා හවස මෙහෙ එනවා අපෙ ස්විටිව බලන්න. ස්විටිගෙන් අහළා මං වෙලාව කියන්නම්... උඹට තියෙන්නෙ සාක්ෂිත් අරගෙනම වෙලාවට එන්න."

"හ්ම්... ඒත් අංකල් ඉඳියිද..."

"නෑ තාත්තා හෙට දවසම ගෙදර නෑ. ස්ටොක් චෙක් කරන්න යනවා.මට ශේප් එකේ වෙලාවට එන්න පුළුවන්..."

"හරි. හැබැයි හනාට මේ දේවල් දැම්ම කියන්නෙපා.දෙන්නා හොඳ යාළුවො නිසා එයාගෙ කටින් කියවෙන්න පුළුවන්..."

"පිස්සුද රිෂ් එහෙම වෙන්නෙ නෑ.මං ස්විටිට මේ මොකුත් කියන්නෙ නෑ..."

"හ්ම්..."

*******

"මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අද පස්වරු 4.30ට පමණ වේගාස් නුවර ග්‍රවෙන්ට් පාර්ක් හීදී සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ අපරාධකල්ලි සාමාජිකයෙක් වන එමෝ නැමැත්තා  ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනකු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.සිද්ධියට හේතුව තවමත් නිශ්චිතව හඳුනා ගෙන නොමැති අතර පොලිසිය වැඩි දුර විමර්ෂණ ක්‍රියාත්මක කරමින් සිටියි."

ROSE (on going)Where stories live. Discover now