Episode 02

52 8 5
                                    

හලෝ ඩැඩී... ඔන්න ඔයාගෙ අහිංසක පුතා ආවා...

රියෝ කිව්වෙ ගේ ඇතුලට එන ගමන්

පුතා ඔයා මට කිව්වෙ වත් නෑනෙ එනවා කියලා...

ඒම තමා ඩැඩී සර්ප්‍රයිස් කරන්න හිතුවා මං..

හොඳයි හොඳයි කෝ දැන් රිෂ් පුතා...

එයා ගෙදර ගියා ඩැඩී මහන්සියි කියලා... කොල්ලා කොහොමහරි වින් කළා තරඟෙන්...

හනා හිටියෙ ලිවින්ග් රූම් එකේ.ඩෝ බෙල් එක වැදුන නිසා කෙල්ලගෙ තාත්තා ගියෙ කවුද කියලා බලන්න.කවුද ආවෙ කියලා බලාගන්න තියන කුතුහලය නිසාම කෙල්ලත් දිව්වෙ ඒ පැත්තට...

අයියා.... මොනාද හලෝ නරකයි ඔයා... කියන්නවත් එපා නේද එනවා කියලා...

හනා දුවගෙන ගිහින් රියෝ ගෙ කරේ එල්ලීගෙන කියවගෙන ගියා...

අනේ ස්වීට්හාර්ට් ඩැඩීවයි ඔයාවයි සර්ප්‍රයිස් කරන්න හිතුවා ඉතිං...

හා ඉතිං... ඔන්න මායි ඩැඩියි සර්ප්‍රයිස් වුනාලු ඈ...

හනා කිව්වෙ නෝන්ඩියට වගේ කටත් ඇදකරගෙන හිනා වෙන ගමන්

මේකිගෙ ඒ හිනාව නං අල්ලන්නෙ නෑ

හහ් මෙයා බලන්නකො... ඇයි දැං ඔයා හිතන්නෙ ඔයා එනකොට සර්ප්‍රයිස් වෙන්න ඔයා ජනාධිපති කියලද... නේද ඩැඩී...

අනේ මේ මං නෑ ඕවට අයියලා නංගිලා ඕන දෙයක් බේරගන්න... මං යනවා රූම් එකට...

ඩියන් එහෙම කියලා රූම් එකට යද්දි රියෝ නං හනාට ඇද කළේ කට කණ ළඟට යවන ගමන්... හනාත් ඉතිං ඇවිස්සීමේ ප්‍රතිමූර්තිය නෙ...මූණ නිකන් කජු ලෙල්ලක් වගේ... බලන්න ලස්සනයි ඉතිං...

ස්වීටියො මේ කන්න මොනාහරි දෙනවකො...සාගතේ ඉන්නෙ මම...

හනා ළඟට ඇවිත් රියෝ කිව්වෙ හනාගෙ කරට අතදාගෙන

අනේ අයියා ඔයත් කොහෙන් ගියත් අවසානෙට කෑමෙන් තමා නතර වෙන්නෙ.ඔයා නං කාන්තාරයක් ඇයි වදේ...

හරි ඉතිං සුරූපි වෛද්‍යවරියගෙ අයියා වුණාම කාලා බීලා ලස්සනට ඉන්නෙපැයි...කාටද ඉතිං ආඩම්බර ඔයාටමනෙ...

ROSE (on going)Where stories live. Discover now