Episode 09

16 3 2
                                    

කෙල්ලගෙ බය වැඩි වුණේ හනා කතාකරපු විදියට... දුවගෙන එද්දී කාගෙහරි ඇගේ  වැදිලා වැටෙන්න ආවත් ගණන් නොගෙන මං දිව්වෙ හනාට කරදරයක් කියලා කෙල්ලගෙ හිත කියපු නිසාමයි... හනාගෙ රූම් එකේ දොර අරිනකොටම කෙල්ල දැක්කෙ හොඳටම ලේ යන වම් අත දකුණු අතින් තද කරලා අල්ලගෙන බිම ඉඳගෙන ඉන්න හනාව...

"මොකද කෙල්ල මේ වුණේ... "

ලියා අනේ මාව නැගිට්ටවන්න...

"කදුළු පිරිණු ඇස් වලින් හනා කතා කළේ..."

"කෝ පරිස්සමින්... මෙතනින් ඉඳගන්නකො හනා... ඔ.. ඔහොමම ඉන්න මං මේකට බෙහෙත් දානකම්... "

හනාව පුටුවෙන් වාඩි කරවලා කෙල්ල ඉක්මනට අතට බෙහෙත් දාන්න ගත්තා... වුණ දෙයක් තාම හිතාගන්න බැරි ලියාගෙ ඇස්වලටත් කඳුළු ආවෙ හනාගෙ අත ගැඹුරටම කැපිලා නිසාත් හොඳම යාළුවාගෙ මේ විදියට ලේ දකින්න වෙයි කියලා කෙල්ල කවදාවත් නොහිතපු නිසා...

"ම් දැං හරි... මේ වතුර ටික බොන්නකො මේ පේන්කිලර් එකත් එක්ක..."

හනා කළේ වචනයක්වත් නොකියා ලියාට අවනත වුණ එක...

"අනේ බය නොකර දැං කියන්න මොකද්ද වුණේ කියලා... මෙච්චර අත කැපෙන්න මොනවද කරගත්තෙ..."

"ලියා මේ අහන්න... මට මේ අත ප්‍රශ්නයක් නෑ. ඒත් ඔයාටයි ප්‍රශ්නයක් වෙන්න යන්නෙ. මට බයයි බන්..."

"මොකක්... අනේ මට පැහැදිලි ව කියන්නකො. මට තේරෙන්නේ නෑ මොනවද ඔයා මේ කියන්නේ කියලා..."

හනා හිටියෙ එයාගෙ රූම් එකේ අද ශෙඩියුල් එක චෙක් කරන ගමන්...

"දඩාස්...."

කාමරේ ඇතුලේ චේන්ජින් රූම් එකෙන මොනවා හරි වැටෙන සද්දෙට කෙල්ල ගැස්සුණේ වෙන වැඩක හිටිය නිසා...හිතට දැනුණ අමුත්ත නිසාම කෙල්ල චේන්ජින් රූම් එකේ දොර දිහාවට ගියෙ මොකද්ද ඒ හැටි සද්දෙන් වැටුණෙ කියලා බලන්න...දොර ඇරපු ලියා දැක්කෙ ඇරලා තිබුණ ජනේලෙ හුළඟට උඩට පහළට යන ජනෙල් රෙද්ද වගේම එතන තියෙන ටේබල් එකේ තියන ලීයෙන් හදලා තියන ලොකු වාස් එකයි පුටුවයි දෙකම බිමට පෙරලිලා තියනවා...

ROSE (on going)Where stories live. Discover now